සොබාදහම අපූරුවට යොදාගත් wasana nature resort



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-04-02-ent-237

ඔබ කටුනායක අධිවේගී මාර්ගයේ නිරන්තරයෙන් ගමන් ගන්නා අයෙක් නම් ඔබට wasana nature resort දැක තිබෙනවා ඇති. කදාන ප්‍රදේශයේ තිබෙන නිදහස්ම සහ නිර්මාණාත්මක නිවාඩු නිකේතනය wasana nature resort බව මෙහි පැමිණෙන සෑම සංචාරකයෙක්ම පවසනවා. මෙම නිකේතනයේ නම ඇසූ පමණින්ම එය මොන වගේ නිකේතනයක්ද යන්න ඔබට මවා ගන්නට පුළුවන්. අවට පරිසරය විනාශ නොකර එය අලංකාර ලෙස යොදාගනිමින් නිර්මාණය කර තිබෙන wasana nature resort වෙත අපි ගියා.

20190408travel-1මුලින් කිවූ විදිහටම මේ නිවාඩු නිකේතනය නිර්මාණය කිරීමේදී එහි අවට පරිසරය ඒ සඳහා විධිමත්ව යොදාගැනීමට සැලසුම්කරුවන් කටයුතු කර තිබෙනවා. විශේෂයෙන් මේ බිමෙහි තිබෙන ජලජ පරිසරය, ගස් වැල් වැනි දේවල් ප්‍රයෝජනයට ගනිමින් මෙම නිකේතනය නිර්මාණය වී තිබෙනවා.

මේ නිවාඩු නිකේතනය සංචාරකයන්ට බෙහෙවින් වැදගත් වන්නේ කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපලට ඉතා පහසුවෙන් ගමන් කළ හැකි නිසායි. තවද කොළඹට ආසන්න ප්‍රදේශයක මෙවැනි ආකාරයේ පරිසර හිතකාමී නිවාඩු නිකේතනයන් අඩු නිසා මෙය ඔබට විශේෂ අත්දැකීමක් වනවා නියතයි.

මෙහි Bar දෙකක් තිබෙන අතර ඉන් එකක් දිනය පුරාවටම විවෘතව තිබෙනවා. මෙහි ජලය මැද තිබෙන Tiki Bar එක නිකේතනයට වෙනස්ම හැඩයක් ලබා දී තිබෙනවා. Tiki Barහි නිරන්තරයෙන් කොක්ටේල් සාදයන් පැවැත්වෙන අතර, Tiki Bar වඩාත් ජනප්‍රිය වී තිබෙන්නේ දකුණු ඇමරිකානු වර්ගයේ කොක්ටේල් සාදන නිසායි.

ඔබේ ආයතනයේ හෝ පවුලේ ප්‍රිය සම්භාෂණ පැවැත්වීම සඳහා wasana nature resort අපූරු තැනක් බවට පත් වනු නිසැකයි.

මෙහි නවාතැන් ගැනීමට සකස් කර තිබෙන කුටිද ඔබට අළුත් අත්දැකීමක් ලබාදෙනු ඇති බවට විශ්වාසයි. මෙම කුටි ඇතුළත සම්පූර්ණයෙන්ම දැව භාවිතයෙන් නිර්මාණය කර තිබෙන අතර එම කුටි මහල් දෙකකින් සමන්විතයි. යට මහල නිදන කාමරය, නාන කාමරය සහ කුඩා මුළුතැන්ගෙයකින් සමන්විත වන අතර ඉහල මහලයේ විසිත්ත කාමරය ලෙස සකස් කර තිබෙනවා. එහි රූපවාහිනිය නැරඹීමට සහ එළිමහන නැරඹීමට හැකි අයුරින් සකස් කර තිබීම මෙහි ඇති විශේෂත්වයක්. මෙහි සියළුම නවාතැන් කුටි වායු සමීකරණය කර තිබෙනවා.

කුඩා ළමුන් සඳහා විශේෂයෙන් සාදා තිබෙන එළිමහන් ක්‍රීඩාංගනයක්ද wasana nature resort සතුව තිබෙනවා. එයද අවට පරිසරය භාවිතා කරමින් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

මීට අමතරව wasana nature resort සතුව ආයුර්වේදී ප්‍රතිකාර මධ්‍යස්ථානයක්ද තිබෙනවා.

 

සම්බන්ධ කර ගැනීම - 077-622 2223

අයිතිකරු - ඉන්දික සම්පත් මෙරෙන්ඩිගේ

සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - සුපුන් උදයංග

 

 2019-04-02-ent-238 2019-04-02-ent-239 2019-04-02-ent-240 2019-04-02-ent-241 2019-04-02-ent-242 2019-04-02-ent-243 2019-04-02-ent-244 2019-04-02-ent-245 2019-04-02-ent-246 2019-04-02-ent-247 2019-04-02-ent-248 2019-04-02-ent-249 2019-04-02-ent-250 2019-04-02-ent-251 2019-04-02-ent-252 2019-04-02-ent-253 2019-04-02-ent-254 2019-04-02-ent-255 2019-04-02-ent-256 2019-04-02-ent-257 2019-04-02-ent-258 2019-04-02-ent-259