හුරුබුහුටි පිහිණුම් තටාකයක් සහිත Hotel Apna



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-23-ent-93

කාර්යබහුල කොළඹ නගරයේ නාවලට නුදුරින් නිස්කලංක, නිහඬ පරිසරයක පිහිටා තිබෙන Hotel Apna ගැන අද ඔබට අපි ගෙන එන්නට සිතුවා. රාජගිරිය නාවල වැනි ප්‍රදේශයක මෙවැනි නිස්කලංක පරිසරයක් සහිත නවාතැනක් සොයාගැනීමට නම් විශාල මහන්සියක් දරන්නට ඕනේ. ඒ නිසාම කාර්යබහුල ඔබට Hotel Apna ගැන කියන්නට සිතුණා.

සුබෝපබෝගී නිවසක ආකෘතියකට නිමවා ඇති Hotel Apna තුළ කාමර හතරික් සමන්විතයි. එහි දෙදෙනෙක් සඳහා කාමර දෙකක්, අමුත්තන් තිදෙනෙක් සඳහා එක් කාමරයක් සහ පවුලේ කාමරයක් වනවා. මෙම කාමර සියල්ලක්ම වායු සමීකරණය කර තිබෙනවා. සෑම කාමරයක් සඳහාම රූපවාහිනී යන්ත්‍ර සහ අන්තර්ජාල පහසුකම්ද සපයා තිබෙනවා. ඒ වගේම පවුලේ කාමරය සඳහා කුඩා කුස්සියක්ද තිබෙනවා.

මෙහි පැමිණෙන අමුත්තන් වෙනුවෙන් සකසා තිබෙන හුරුබුහුටි පිහිණුම් තටාකය මෙහි බාහිර අලංකාරයටද විශේෂයෙන් බලපා තිබෙනවා. Hotel Apna සඳහා පිවිසෙන ස්ථානයේම තිබෙන මේ පිහිණුම් තටාකය දිවා කාලයට හිරු එලියෙන් ආලෝකමත් වන අතර රාත්‍රියේදී විවිධ වර්ණයන්ගෙන් යුත් විදුලි බුබුළුවලින් අලංකාර වනවා.

කුඩා දරුවන්ගේ උපන්දින සාදයන් සඳහාද Hotel Apna ඔබට වෙන් කර ගැනීමට හැකිවෙනවා. දෙදෙනෙක් සඳහා ඇති කාමරයක මිල වන්නේ රුපියල් 7500කි. තිදෙනෙක් සඳහා වන කාමරය මිල රුපියල් 9000ක් වන අතර පවුලේ කාමරය රුපියල් 10000කට ඔබට ලබාගැනීමට හැකියි. ඒ වගේම මෙම සම්පූර්ණම හෝටලය රුපියල් 35000ක මුදලකටද වෙන් කර ගැනීමටද හැකියි.

Hotel Apnaහි තිබෙන සියළුම කාමර පිහිටා තිබෙන්නේ උඩුමහලක වන නිසා කුඩා බැල්කනියෙන් පහත බැලූවිට තණපිඩළි ඇල්ලූ වටපිටාව සහ පිහිණුම් තටාකය නැවුම් අත්දැකීමක් වෙනවා නිසැකයි.

හොටෙල් Hotel Apna සම්බන්ධ කරගැනීමට පහතින්

දුරකතන අංකය - 0769700001

 

සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - සුපුන් උදයංග

 

2019-05-23-ent-84 2019-05-23-ent-85 2019-05-23-ent-86 2019-05-23-ent-87 2019-05-23-ent-88 2019-05-23-ent-89 2019-05-23-ent-90 2019-05-23-ent-91 2019-05-23-ent-92  2019-05-23-ent-94 2019-05-23-ent-95 2019-05-23-ent-96 2019-05-23-ent-97 2019-05-23-ent-98