Hotel Sevonra Garden – Unawatuna



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-05-12-ent-23

2016-05-12-ent-24

ශ්‍රී ලංකාවේ සංචාරක ඉසව් අතර දෙස්විදෙස් සංචාරකයන්ගේ ප්‍රමුඛ වෙරළ තීරයක් ලෙස උණවටුන හැඳින්වේ.රාම රාවණා යුගය තෙක් ඉතිහාසගත සන්ධිස්ථානයක් වන රූමස්සල කන්දේ සිට දීර්ඝ ඉතිහාසයක් ඇති උණවටුන වෙරළ තීරය වර්තමානයේ වඩාත් ජනප්‍රියව ඇත්තේ අලංකාරය හා විනෝදකාමීත්වය උපරිම කරවන සංචාරකයන් අමන්දානන්දයට පත්කරවන ඉසව්වක් ලෙසිනි.

2016-05-12-ent-32උණවටුන යැයි කියූ සැණින් එහි ගොඩනැගෙන මන්මත් කරවන විනෝදකාමී සංස්කෘතිය ඊටම අනන්‍ය වූවකි. සැහැල්ලුව, විනෝදය, නිදහස, රසපහස මේ සියල්ල ඒ සංස්කෘතියේ කොටස්ය. එය සංචාරකයන්ගේ සිත් කාවදින තරමට තීව්‍ර කරන්නේ උණවටුනේ බිහිවන සංචාරක හෝටලය.

Sevonra Garden හෝටලය මීට මාස කිහිපයකට පෙර උණවටුනේ නිර්මාණය වූ නවතම සංචාරක හෝටලයයි. ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ පිහිටි මෙම හෝටලය රමණීය උණවටුන වෙරළ තීරයට මායිම්ව පිහිටීම එහි ඇති ප්‍රධානතම විශේෂත්වයකි.

සුඛෝපභෝගී කාමර 14කින් සමන්විත මෙහි Deluxe, Suite, Superior සහ Family rooms වශයෙන් විවිධ කාණ්ඩ යටතේ කාමර වෙන් කරවාගත හැකිය. නවීන පහසුකම්වලින් සුසැදි මෙම කාමර සංචාරකයන්ගේ අවශ්‍යතා අනුව සකසා දීමට කළමනාකාරීත්වය සූදානම් නිසා තරුණ තරුණියන්ට, කුඩා දරුවන් සමග විවේකය ගත කිරීමට සේම පවුලේ සංචාරයක ගිමන්හල ලෙස තෝරාගැනීමටද Sevonra Garden හෝටලය යෝග්‍ය වේ.

දිවපිනායන දේශීය මෙන්ම විදේශීය ආහාරපානවලින් සමන්විත Sevonra Garden අවන්හල මෙන්ම උත්සවශාලාවද (Banquet hall) උණවටුන ප්‍ර‘දේශයේ සංචාරක හෝටල් අතර විශේෂත්වයක් උසුලයි. අමුත්තන් 400කට පමණ එකවර සංග්‍රහ සත්කාර කිරීමේ පහසුකම් ඇති මෙම උත්සව ශාලාව විවාහ මංගලෝත්සව සහ ප්‍රිය සම්භාෂණ සඳහා ඒ අවට ඇති උසස් ප්‍රමිතියකින් යුත් ස්ථානයකි. නවීනත්වයත් සමග ගාලු නගරයෙන් දුරස්ව High tea Party සංස්කෘතිය උණවටුනට ගෙන ඒමටද මූලිකත්වය ගෙන ඇත්තේ Sevonra Garden හෝටලයයි.

දකුණු මුහුදු තීරය ඉස්මත්තේ නිර්මාණය කර ඇති පිහිනුම් තටාකයත්, ඒ ආසන්නයේම ඇති එළිමහන් අවන්හලත් ඉරබැස යන සන්ධ්‍යාවක මවන අරුමැසි ගුණය අතිශයින්ම ආස්වාදනීය වෙයි. ඒනිසාම විනෝදකාමී තරුණ තරුණියන්ට සේම මධුසමය වෙනුවෙන් පැමිණෙන මනාල යුවළ සඳහාද අතිශය මිහිරි චමත්කාරජනක පරිසරයක් Sevonra Garden හිදී අත්විඳිය හැකිය.

 

Text /Photography: MalakaWeligodapola

 

Tel: 0912250441

Web: www.sevonragarden.com

 

2016-05-12-ent-25
2016-05-12-ent-26
2016-05-12-ent-27
2016-05-12-ent-29
2016-05-12-ent-30
2016-05-12-ent-31
2016-05-12-ent-33
2016-05-12-ent-34
2016-05-12-ent-35
2016-05-12-ent-36
2016-05-12-ent-37