Just out of city solid Kithul Kanda



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

kithul-kanda-2016-02-25

 

kithul-kanda-2016-02-25-02මනරම් කඳු පන්තියක් හා බටහිර මුහුදු සීමාවද දිස්වන සුන්දර නැවතුමකි කිතුල් කන්ද .

පාදුක්ක , මීපේ පිහිටි Kithul Kanda Mountain Resort වෙත කොළඹ  සිට පැයක දුරකි. කොට්ටාව සහ අතුරුගිරිය අධිවේගී මාර්ග පිටවීම්වල සිට විනාඩි 20 – 25 කාලයකි. කොළඹ නගර සීමාවේ පැවතියද, මධ්‍යම කඳුකර දසුනක් අභිමුව පිහිටි කිතුල් කන්ද සුබෝපභෝගී  පහසුකම් සහිත සරල නිවාඩුවකට යෝග්‍යයා.

අක්කර 17 ක් පුරා පැතිර පවතින කිතුල් කන් දේ Super Deluxe සහ Deluxe වශයෙන් සියලු පහසුකම් සහිත කාමර 16 කඳු පන්තියට සහ ආසන්න නගරවලට මුහුණලා නිමවී ඇත. ඊට අමතරව අමුත්තන් 5 දෙනෙකුට නවාතැන් ගත හැකි Family Lodge එකකින්ද සමන්විතය. එක්දින විනෝදාත්මක  අංග (Day outing packages) මෙන්ම ආයතනික අංග (Conference facilities and Corporate Events) සඳහා මෙ හිදී අවශ්‍ය පහසුකම් සැලසීම විශේෂ කොට  දැක්විය හැකිය. මංගල සාද සහ අනෙ කුත් සාද සඳහා වෙන්වූ වායු සමීකරණය කළ ශාලාව වීදුරු ආවරණ සහිතව අවට කඳු පන්තියට නිරාවරණය වන පරිදි නිමවී ඇත. අවශ්‍ය නම් ඡායාරූපකරණය සඳහාද අවට ගස්වැල් වලින් වර්ණිත පරිසරය ඉඩහසර සලසා දේ .

පරිසරයට නිරාවරණය වූ Panorama භෝජන ශාලාව ඉහළම මහලේ පිහිටා ඇති අතර, එහිදී විවිධ වර්ගයේ ආහාර ඇණවුම් කිරීමේ හැකියාව පවතී. ප්‍රධාන ගොඩනැගිල්ලෙන් එපිටට වන්නට ස්ථාපිත නාන තටාකය එහි පිහිටි ස්වාභාවික  ගල හාරා තැනූවක් වන අතර, කඳු පන්තියට ඍජුවම මුහුණලා පවතී. වාහන නැවැත්වීමේ අංගණය වැඩිදියුණු කළ කිතුල් කන්ද පිවිසුම් මාර්ගය සහ ප්‍රධාන ලොබියට  අතරමැදිව පහසුවෙන් ඇතුළුවීමේ සහ පිටවීමේ සැලැස්මකට අනුව පිහිටා තිබේ.

Kithul Kanda
No. 07, Meepe, Padukka, Sri Lanka.
+94 11 5 960300
info@kithulkanda.com - www.kithulkanda.com

 

kithul-kanda-2016-02-25-12

 

kithul-kanda-2016-02-25-03
kithul-kanda-2016-02-25-04
kithul-kanda-2016-02-25-05
kithul-kanda-2016-02-25-06
kithul-kanda-2016-02-25-07
kithul-kanda-2016-02-25-08
kithul-kanda-2016-02-25-09
kithul-kanda-2016-02-25-10
kithul-kanda-2016-02-25-11
kithul-kanda-2016-02-25-13