Melheim Beach Kalpitiya



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-1706

 


Best getaway with Sun and Sand


බටහිර මුහුදු තීරය තවමත් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වී ඇත්තේ සාපේක්ෂව අඩු වශයෙනි. වෙනත් විදියකින් කිවහොත් විදේශීය සංචාරකයන් මෙරට බටහිර මුහුදු තීරයේ සුන්දරත්වය විඳින තරම් දේශීය සංචාරකයන් ඊට හුරුපුරුදු වී නැති බවද කිව යුතුය. නමුත් මිනිසුන්ගේ අවධානයට පාත්‍ර වී නොතිබීම නිසාම බටහිර මුහුදු තීරය තවමත් නිකැළැල්ව චමත්කාරජනක ලෙස පැවතීමද වාසනාවකි.2019-05-27-ent-1711

සංචාරකයන් අතර ප්‍රකට Melheim Resorts හෝටල් ජාලයේ නවතම සංචාරක හෝටලය නිර්මාණය වන්නේද මේ නොඉඳුල් බටහිර වෙරළ තීරයේ කල්පිටිය ප්‍ර‘‘දේශයේය. Melheim Haputale සහ Melheim Kandy යන හෝටල්වලට පසු නිර්මාණය වූ නවතම හෝටලය Melheim Beach හෝටලයයි.

නූතන සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත කාමර 06කින් සමන්විත Melheim Beach හෝටලයේ කල්පිටිය වෙරළ තීරයේ අක්කර දෙකක භූමි භාගයක පැතිර තිබේ. Double and Triple ආදී වශයෙන් නවාතැන් ගැනීමට පහසුකම් ඇති මෙය AC, Wi-Fi, Hot Water, TV, Tea/Coffee, Security Safe ආදී පහසුකම්වලින් සමන්විතය.

වෙරළ තීරයට මුහුණලා ඇති පිහිනුම් තටාකය හා අවන්හල Beach Resort එකට පැමිණි සංචාරකයන්ගේ අපේක්ෂා උත්කර්ෂයට නංවයි. දෙස් විදෙස් ආහාර පානවලින් සුසැදි Melheim Beach හෝටලය කල්පිටිය ධීවරයන් ගෙනෙන අලුත් මාළු විශේෂවලින් පිසෙන Sea Food ආහාර පාන සඳහා විශේෂ වෙයි.

කල්පිටිය නගරය වඩාත් ප්‍රකට වී ඇත්තේ තලවිල ශාන්ත ආනා (St. Anne's Church) පුදබිම නිසාවෙනි. ක්‍රිස්තියානි බැතිමතුන් පමණක්ම නොව අන්‍යාගමිකයන්ද මහත් බැතිබරව වන්දනාමාන කරන තලවිල පුදබිම වෙත යන වන්දනාකරුවන්ටද Melheim Beach ඉතා කදිම නවාතැනකි.

ඊට අමතරව පරිසර හිතකාමී සංචාරකයන්ට Kite Surfing, Dolphin Watchingමෙන්ම විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සෆාරි චාරිකවල නිරත වීමටද කල්පිටිය සුවිශේෂී සංචාරක පුරවරයකි. මේ සියලු ක්‍රියාකාරකම්වලින් බැහැරව දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් හෝ හිතමිත්‍රාදීන් සමග නිදහසේ නිවාඩුවක් ගත කිරීමටද Melheim Beach ඉතා ආරක්ෂාකාරී වටපිටාවක් නිර්මාණය කරදෙයි. ආරම්භක කාර්තුවේදී Full Board Double Package එකක් රුපියල් 16,000ක හඳුන්වාදීමේ මිලකට ලබාදීම සංචාරකයන්ට කදිම අවස්ථාවක් වනු නිසැකය.

 

Tel:- 0115 850217, 0702354468

Web :www.melheimresort.com

 

1. Melheim Beach Kalpitiya is rooted in Kalpitiya, the pulsing destination of sea adventures such as Kite Surfing, Whale & Dolphin Watching from November to April, Snorkeling & Diving, Diving and boat tours.

2. Melheim Beach which facilitated with 06 luxurious rooms offers unique and protective stay differs with nourishes sea cuisines, higher standards of service and amenities.

3. Undistracted stay ensures the view of lavishing sea waves, easy access to the adventure activities, Wilpattu National Park and Thalawila Church.

 

Text and Photography: MalakaWeligodapola

 

2019-05-27-ent-1705  2019-05-27-ent-1707 2019-05-27-ent-1708 2019-05-27-ent-1709 2019-05-27-ent-1710  2019-05-27-ent-1712