Saprin Beach Resort - Uswetakeiyawa



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-02-28-ent-26

වෙරළ තීරයක නිවාඩුවක් හෝ නිදහසේ කල්ගෙවීමට සිතන බොහෝ දෙනෙකුමුලින්මකල්පනා කරන්නේ උණවටුන, හික්කඩුව හෝ ආරුගම්බේ වැනි දකුණු දිග මුහුදු තීරයක් පිළිබඳවය. නමුත් කොළඹ අගනගරයට ඉතා ආසන්නයේ කි.මී. 06 ක පමණ නුදුරින් පිහිටි උස්වැටකෙයියාව මුහුදු තීරයද විනෝදකාමීන්ට කදිම සංචාරක ඉසව්වක් බව දන්නේ එහි මිහිර අත්විඳි අයෙකු පමණි.2018-02-28-ent-17

සැප්රින් බීච් සංචාරක හෝටලය මේ ඉසව්වේ නිර්මාණය වන්නේ මීට වසරකට පමණ ඉහතදීය. වාස්තු විද්‍යාඥ සුසන්ත මූණමල්පේ විසින් නිර්මාණය කරන ලද සැප්රින් බීච් හෝටලය සුඛෝපභෝගිත්වයත්, ස්වභාව සෞන්දර්යයේ අසිරියත් එක සේ අත්විඳිය හැකි සංචාරක හෝටලයකි.

නවීන පහසුකම්වලින්පරිපූර්ණ කාමර එකොළහකින් සමන්විත මෙම හෝටල් පරිශ්‍ර‘යේ පිහිනුම් තටාකය ආශ්‍රිත ප්‍ර‘දේශය විනෝදකාමීන්ටඉතා ආකර්ෂණය දනවන ස්ථානයකි. නේවාසික සංචාරකයන්ට තම තමන්ගේ කාමරවල සිට කෙළින්ම පැමිණීමට සිල්පර යෙදූ පාලම් ඇසුරෙන් කරන ලද වාස්තු විද්‍යාත්මක සත්කාරය මෙම පිහිනුම් තටාකය ආශ්‍රිත ප්‍ර‘දේශයේ අපූර්වත්වය මවන ප්‍රධාන විශේෂාංගයයි.

හෝටලය අභ්‍යන්තරයේ ඇති වායුසමනය කළ අවන්හල සේම මුහුදු හුළං ආස්වාදනය කරමින් රසමසවුලින් සප්පායම් වීමට එළිමහන් අවන්හලක් සහ Bar එකක්ද එහිවෙයි. වායුසමනය කළ අවන්හලටත් වඩා,වෙරළබඩ අවන්හලක සැබෑ අත්දැකීම් ලැබීමට සැප්රින් වෙත පැමිණෙන සංචාරකයන්ගේ පළමු තේරීමමෙම නිදහස් වටපිටාවක් ඇති එළිමහන් අවන්හලයි. එම අවන්හල උපන්දින සාද හෝ ප්‍රිය සම්භාෂණ සඳහා වෙන් කරවාගත හැකිවීම, විවේකී දිනයන් උදෑසන සිට සවස්වරුව තෙක් ගත කිරීමට වඩාත් යෝග්‍ය වේ.

උස්වැටකෙයියාව භූ විෂමතාව අනුවද සුවිශේෂී බවක් උසුලයි. පසෙකින් මහ මුහුදින්ද, අනෙක් පසින් හැමිල්ටන් ඇළෙන්ද වටවී ඇති නිසා මෙම ප්‍ර‘දේශය දූපතක් ලෙස කෙනෙකුට පෙනීමේ වරදක්ද නොවේ. එසේම මුතුරාජවෙල රක්ෂිතයත්, ඒ ආශ්‍රිතව ඇති කඩොලාන පරිසර පද්ධතියත්, ධීවර සංස්කෘතියත් පරිසරය හා බැඳී සංචාරකයන්ට වෙනස් වූ සජීවී අත්දැකීම් එක්කරයි. තවද සැප්රින් බීච් හෝටලය ඉමේ ඇති මුහුදු තීරය ගණව වැඩුණු කොරල් පරයකින් ආවරණය වී තිබීම නිසා එහි වැදී දසත විහිදෙන කරදියේ නැහැවෙමින් වෙරළ තීරයට වී කල් ගෙවීමට, ඒ තුළම නිද්‍රාගත වීමට අපූරු චමත්කාරජනක පරිසරයක් ගොඩනගයි.

Tel: - 0711488452

 

Text &Photography :MalkakaWeligodapola

 

 2018-02-28-ent-18 2018-02-28-ent-19 2018-02-28-ent-20 2018-02-28-ent-21 2018-02-28-ent-22 2018-02-28-ent-23 2018-02-28-ent-24 2018-02-28-ent-25