SKY TERRACE KANDY



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-16-ent-139 2017-03-16-ent-140 2017-03-16-ent-141

2017-03-16-ent-154

සුන්දර මහනුවර කියූ සැණින් අපේ මතකයට නැගෙන්නේ දළදා මාළිගාව ප්‍රධාන පූජනීය භූමිය, හන්තාන, පේරාදෙණිය සහ ඒ අවට පවතින සෞම්‍ය දේශගුණික සුන්දරත්වයයි. නමුත් වර්තමානය වනවිට මහනුවර නාගරික සංවර්ධනයත් සමග ඇතිව තිබෙන කාර්යබහුල වටපිටාව එකී නිදහස් සුන්දර සිතුවිලි මකා දමා තිබේ. නිවාඩුවක් ගත කිරීම වෙනුවෙන් මහනුවර බලා ඇදෙන යමෙකු කඳු වළලු මෙන්ම දළදා මාළිගාව පෙනෙන මානයේ කලබලකාරී බවින් මිදුණු ලැගුම්හලක් සොයාගන්නට වෙහෙසෙනවා නොඅනුමානය.

නිතර අසා දැක ඇති ලැගුම්වලින් එපිට, අලුතෙන් ගොඩනැගුණු නවීන පහසුකම්වලින් සමන්විත නිස්කලංක නවාතැනක් ලෙස Sky Terrace හඳුන්වාදිය හැක්කේ ඉහත කී සුන්දර දසුන්වලට මුහුණලා ගොඩනැංවුණු ඉසව්වක් ලෙසිනි. මහනුවර නගර සීමාවේ උස් බිමක පිහිටි මේ නවාතැනට මහනුවර නගර මධ්‍යය, දළදා මාළිගාව ප්‍රමුඛ වටපිටාව ඉතා හොඳින් දිස් වේ. කාමර 05කින් පමණක් සමන්විත මෙහි family rooms වශයෙන් පවා ඉඩකඩ වෙන්කරගත හැකිය.

 

2017-03-16-ent-149

ආහාරපාන ලබාගැනීම අමුත්තන්ට රිසි පරිදි වෙන්කරවාගත හැකි අතර, dining room හෝ restaurant වශයෙන් පිළියෙල කරවාගත හැකිවීමද විශේෂය. හරිත වර්ණයෙන් සුසැදි අවට පරිසරයට නිරාවරණය වන කොටස එලෙස ආහාරපාන ගැනීමට හෝ සුහද සමාගමයකට වුවද අගනේය.

ගෘහ නිර්මාණ ශිල්පී රවීන්ද්‍ර අතුකෝරළගේ නිර්මාණයක් වන Sky Terrace හි කාමර පහසුකම් සහ අනෙකුත් පහසුකම්, නවීන අංගෝපාංග ඇසුරු කරගනිමින් නිමැවී ඇති නිසාම සුඛෝපභෝගී මෙන්ම නිදහස් නිවාඩුවක් වෙනුවෙන් මනා ලෙස ගැළපෙන බව කිව යුතුය. එහි දෛනික වටිනාකම රුපියල් 15,000 සිට ඉහළට සැකසී තිබෙන්නේ අමුත්තන්ගේ සුවපහසුව සහ විශිෂ්ට සේවාවක් ලබාදීම සනාථ කරමිනි.

 

2017-03-16-ent-144 2017-03-16-ent-145 2017-03-16-ent-146 2017-03-16-ent-147 2017-03-16-ent-148  2017-03-16-ent-150 2017-03-16-ent-151 2017-03-16-ent-152 2017-03-16-ent-153