SKYLOFT KANDY



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-11-ent-194
 


හන්තාන සීතලට සම වැදෙන්න


 

සංචාරකයන්ගේ නොහොබිනාකම් නිසා කැළැල් වන ශ්‍රී ලංකාවේ රමණීය සංචාරක ඉසව් අතර, තවමත් නිකැළැල්ව ප්‍රවේශම් වී ඇති, චමත්කාරයෙන් අනූන සංචාරක පුරවරයකි, හන්තාන. පේරාදෙණිය සරසවිය විසින් කවියෙන්, ගීතයෙන් රොමාන්තිකත්වයට නැංවූ හන්තාන කඳුකරයේ සැබෑ අරුමැසිය අත්විඳින්නට නම් එහි සීතල කඳු පන්ති අතර අතරමං විය යුතුමය.

SKYLOFT යනු ඉතාම මෑතකදී හන්තාන අසිරිය විඳගන්නා සංචාරකයන්ට තිළිණ වූ නවතම සංචාරක හෝටලයයි. පසෙකින් නකල්ස් කඳු පන්තියෙන්ද, තවත් පසෙකින් අනන්තය තෙක් නිල්ලට විහිදෙන හරිත වනගහනයෙන්ද වට වූ මෙම හෝටලය සුඛෝපභෝගීත්වය සේම, සොබා අසිරියද එකවර අත්විඳගත හැකි ලෙස නිම වී ඇත.

ACS Integrated වාස්තු විද්‍යාඥයන් අතින් නිර්මාණය වූ SKYLOFT කළමනාකාරීත්වය යාත්‍රා කණ්ඩායම විසින් මෙහෙයවනු ලබයි.

Suite ගණයේ කාමර දෙකකින් සහ Standard ගණයේ කාමර දහසයක් වශයෙන් නිදන කාමර 18කින් සමන්විත SKYLOFT හි ඇති සුවිශේෂත්වය නම් සෑම කාමරයකටම පාහේ හන්තාන කඳුකරයේ අසිරිය කාමරය තුළ ආකර්ෂණය වන ලෙස නිර්මාණය වීමයි. AC, Hot Water, Wi-Fi, TV, Tea/Coffee making, Mini Bar ආදී නූතන සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත වුවද SKYLOFT හි සැබෑ සුන්දරත්වය අත්විඳීමට හන්තාන සිසිලස ඒ තුළම හිඳ අත්විඳිය යුතුය.

 

2018-01-11-ent-191

 

විදේශිකයන්ගේ රුචි අරුචිකම් හා ඔවුන්ගේ අපේක්ෂිතාර්ථ උපරිමයෙන් තෘප්ත කරලනු වස් මනා ආගන්තුක සත්කාරයෙන් සුසැදි SKYLOFT හි සත්කාරකත්වය දෙස්විදෙස් භේදයකින් තොරව එක සේ පිරිනැමීම එහි විශේෂත්වයයි. නූතන නමුත්, ශ්‍රී ලාංකික සහෘදත්වය ඊට මුසු කරමින් එහි එන අමුත්තන්ගේ ආකර්ෂණය දිනාගැනීම එහි නැවත නැවත පැමිණෙන සංචාරකයන්ගේ ගණන ඉහළ නංවයි.

SKYLOFT හි අවන්හල ඊටම අනන්‍ය දෙස් විදෙස් රසමසවුලෙන් සපිරේ. Continental Breakfast වේවා, ශ්‍රී ලාංකික Rice & Curry වේවා, සිය අනන්‍යතාව ඊට මුසු කරමින් SKYLOFT සූපවේදීන් ඔබට මතකයේ රැඳෙන ආහාර පාන පෙළක් තිළිණ කර තිබේ.

මෙය නිහඬ බව හා නිදහස අත්විඳින්නට ඇති ගිමන් හලක් යැයි කීවද වරදක් නොවේ. මහනුවර දළදා මාලිගාවේ සිට කි.මී. 04කට නොඅඩු, තරමක දුෂ්කර නමුත් අත්දැකීම් බහුල ගමනාන්තයකින් ළඟාවීමට ඇති SKYLOFT පරිශ්‍රය පෙර කී ලෙසම නොඉඳුල්ව, නිකැළැල්ව තිබීම ඔබට එහි මනාවට හසුවන නිමිත්තයි.

එය තවදුරටත් තීව්‍ර කරමින් SKYLOFT කාර්යමණ්ඩලය එහි එන සංචාරකයන්ට Trekking, Hiking ආදී විනෝදකාමී අත්දැකීම් රැසක් හඳුන්වා දෙමින් සිටී. එනිසාම උඳුවප් සීතල අත්විඳින්නත්, එය වින්දනය කරන්නත් SKYLOFT ඔබට කදිම ගිමන් හලක් වනු ඇත.

arrow

Tel: +94 812 062 948

Web: www.skyloft.lk

 

 Text & Photography: Malaka Weligodapola 

 

2018-01-11-ent-190 2018-01-11-ent-199 2018-01-11-ent-198 2018-01-11-ent-197 2018-01-11-ent-196 2018-01-11-ent-195  2018-01-11-ent-193 2018-01-11-ent-192