Tea Breeze Estate Bungalow



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-1321

මතුගම, අගලවත්ත ප්‍ර‘දේශය වඩාත් ප්‍රචලිතව ඇත්තේ කෘෂිවගාවලට හා සෞම්‍ය දේශගුණයක් ඇති ප්‍ර‘දේශයක් ලෙසිනි. විශේෂයෙන්ම සිංහරාජ රක්‍ෂිතයට මායිම් වන බැවින් එහි ස්වභා සෞන්දර්යය හා දේශගුණික සමතුලිතතා වඩාත් හොඳින් ආරක්‍ෂා වී ඇත.

මෙතරම් අගයක් ඇති ස්වභා සෞන්දර්යයකින් යුත් පාරිසරික කලාපයක් ඇති මතුගම, අගලවත්ත ප්‍ර‘‘දේශය තවමත් සංචාරකයන් අතර ජනප්‍රිය වී නැත්තේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඒ අවට ගොනු නොවීම හේතුවෙනි. නමුත් එහිදීද හඳුනාගත හැකි දුර්ලභ සැඟවුණු සංචාරක ස්ථාන ඇති බව දන්නෝ දනිති. එසේම රැල්ලට සංචාරය කරන විශාල සංචාරක කණ්ඩායම්වල පය නොගැටීම නිසා මේ ප්‍ර‘දේශය තවමත් නිකැළැල්ව, නොඉඳුල්ව පැවැතීම ඔබේ මීළඟ සංචාරය ඒ වෙතට යොමුවීමට හේතුවක් වෙයි.

‘Tea Breeze^ යනු ඉතා මෑතකදී අගලවත්තේ තේ යායක් මැද නිර්මාණය වූ රමණීය සංචාරක බංගලාවකි. කඳු මුදුනක කෙළවරේ අනන්තය තෙක් විහිදෙන පැනෝරැමික දර්ශන තලයකින් යුත් මෙය පිහිටි ස්ථානය නිසාම සංචාරක ආකර්ෂණය දනවන ස්ථානයක් යැයි කීම අතිශයෝක්තියක් නොවේ.

නිදන කාමර තුනකින් (With attached bathrooms) හා විශාල Living, Dining, Pantry ආදී අවකාශවලින් යුත් ‘Tea Breeze^ සංචාරක බංගලාවේ ඉතා සුවපහසු ලෙස 08 - 10 අතර පිරිසකට සත්කාර කිරීමට පහසුකම්ඇත. සංචාරකයන්ගේ අවශ්‍යතා අනුව ඊට වඩා විශාල කණ්ඩායමකටද අමතර නිදා ගැනීමේ ස්ථාන සපයාදී සත්කාර කිරීමට ඔවුන් සතුව පහසුකම් ඇත.

මෙහි ඇති නිදන කාමර සාපේක්‍ෂව විශාල වීම කණ්ඩායම් වශයෙන් එන සංචාරකයන්ට සාධනීය අංගයකි. එමෙන්ම නවීන අංගෝපාංගවලින් යුත් නවීන නානකාමර, කුඩා දරුවන් සමග පැමිණෙන සංචාරකයන්ට වැඩි පහසුවක් සලසා දෙයි. සාලය හා ආහාර ගන්නා ස්ථානය විවෘත වී ඇත්තේ පැනෝරැමික දර්ශන තලයකින් දිස්වන, ඉදිරියෙන් ඇති කඳු පන්තියටය. එය කොන්ක්‍රීට් කඳු පන්තිවලින් වටවූ නාගරික සින්තටික් ජීවිතයෙන් වෙන්වී මානසික සන්තෘෂ්ටිය උපදවාගත හැකි භාවනාවකට නිමිති වන දර්ශනයක් වැනිය.

අනෙක් පසින් නිර්මාණය වූ පිහිනුම් තටාකය,මෙම කඳු පන්ති හා තවත් පසෙකින් හරිත ගහනයෙන් වටවූ ස්ථානයක පිහිටීමෙන්ම තවත් එක් සංචාරක හෝටලයකදී අත්විඳින අත්දැකීමට වඩා අපූර්ව වූ යමක් ඔබට තිළිණ කරයි.

ඔබේ ආහාරපාන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දුන් විට ඉතා රසවත්ව එය පිළියෙල කරදීමට ‘Tea Breeze^හි සේවකයෝ කැපවී සිටිති. දෙස්විදෙස් ආහාරපාන සේම අවශ්‍ය නම් BBQ සඳහා පහසුකම්ද මෙහි තිබීම විනෝදකාමී සංචාරක කණ්ඩායමකට අත්‍යවශ්‍ය සාධකයක් වනු ඇත. එසේ නොමැති නම් ‘Tea Breeze^ මෙනුපතින් ඔබට රිසි ආහාරපාන ඇනවුම් කළ හැකිය.

BB හෙවත් නවාතැන් සමග උදෑසන ආහාර වේල ඇතුළුව උපරිම 10 දෙනෙකුගෙන් යුත් සංචාරක කණ්ඩායමකට දිනක් සඳහා රු. 25,000ක මුදලකට මෙම ‘Tea Breeze^ සංචාරක බංගලාව වෙන්කරවාගත හැකිය. එසේ නොමැති නම් ඔබේ අවශ්‍යතාව මත කාමර වශයෙන්ද නවාතැන් පහසුකම් සලසා දීම් පැකේජ් සැකසී ඇත. ඉතින් මේ අවුරුදු නිවාඩුවේ දකුණ හෝ සබරගමු පළාතේ ඔබේ දූදරුවන් හෝ හිතමිත්‍රාදීන් සමග යන විනෝද චාරිකාවේදී ‘Tea Breeze^ ඉතා හොඳ ගිමන්හලක් වනු නොඅනුමානය.

Tel :- 077-2227613

077-4401389

 

2019-05-27-ent-1324 2019-05-27-ent-1317 2019-05-27-ent-1318 2019-05-27-ent-1319 2019-05-27-ent-1320  2019-05-27-ent-1322