The Hangar



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-803

මීගමුව වෙරළ තීරය යනු දෙස් විදෙස් සංචාරකයන් නිරන්තරයෙන් ගැවසෙන සංචාරක කලාපයකි. විශේෂයෙන් මීගමු වෙරළ තීරය සෑමවිටම සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යන්නේ සන්ධ්‍යා කාලයේදීය. සන්ධ්‍යා කාලයේ මීගමුව වෙරළ තීරයේ ඇවිද, වෙරළේ රළ ගැටෙන ශබ්දය ඇසෙන මානයේ සිටම රාත්‍රී ආහාරයද ලබාගන්නට ඇත්නම් එම අත්දැකීම කෙසේ විස්තර කළ හැකිද?. මීගමුව වෙරළට නුදුරින්ම පිහිටි The Hangar අවන්හලකින් ඒ සඳහා ඔබට ඉඩකඩ සලසා දී තිබේ.

The Hangar නම ඇසූ පමණින් එහි යම් විශේෂයක් තිබෙන බව ඔබට දැනෙනු ඇත. මෙහි හිමිකරුවන් දෙපළ ගුවන් සේවා ක්ෂේත්‍රය හා සම්බන්ධ පුද්ගලයන්ය. එය හේතුවක් කොටගෙන මෙම ආපන ශාලාවටThe Hangar යන නම තෝරාගත් බව ඔවුහු පවසති. එපමණක් නොව The Hangar අවන්හලෙහි ගෘහ අලංකරණය සඳහාද ඔවුන් තෝරාගෙන ඇත්තේ Aviation ක්ෂේත්‍රයට සම්බන්ධ දෑ ය.

The Hangar අවන්හල කොටස් දෙකකින් යුත් අවන්හලකි. එළිමහන් පරිශ්‍රයේ සිට මුහුදු සුළඟ, රළ ගැටෙන හඬට සවන් දෙමින් රාත්‍රියට මධුවිත තොලගෑමට හැකි සුන්දරත්වයක් එහි ඇත. එළිමහන් පරිශ්‍රයෙන් ඇතුළට පැමිණි විට සම්පූර්ණයෙන්ම වායුසමනය කළ කොටසට වී පවුලේ අය සමග ආහාර ගැනීමට, සාකච්ඡා පැවැත්වීමටද හැකියාව තිබේ.

The Hangar දැනට මාස කිහිපයකට පෙර විවෘත කළ අවන්හලකි.The Hangar තුළ බටහිර, ඉතාලි සහ දේශීය ආහාර වට්ටෝරු රැසක්ම තිබේ.The Hangar කුඩා අවන්හලක් වුවද එහි ඔබේ ජීවිතයේ වැදගත් වන උත්සව ආදිය සංවිධානය කිරීමට මෙහි පාලනාධිකාරිය අවස්ථාව ලබා දී තිබේ.පෞද්ගලික සාදවලදී සජීවී සංගීතය ලබාදීමටද, පාරිභෝගිකයාට අවශ්‍ය වන අයුරින් බුෆේ නිර්මාණය කරගැනීමට මෙන්ම පාරිභෝගිකයාගේ තේරීමට අනුව ආහාර පිස දීමටද මෙහි කාර්යමණ්ඩලය සූදානමින් සිටින බව කිව යුතුය.

The Hangar සඳහා දේශීය මෙන්ම විදේශීය සංචාරකයෝ අඩුවක් නොමැතිව පැමිණෙති.මීගමුව වෙරළ තීරය පුරාවට තිබෙන අවන්හල් සියල්ලක්ම වෙරළ තේමා කරගනිමින් seafood ආහාරවලට විශේෂ තැනක් ලබාදෙයි. The Hangar වෙත පැමිණෙන සංචාරකයන්ගේ විශේෂ ඉල්ලීමෙ මත මෙහි සූපවේදීන්ද ඉතා රසවත් seafood ආහාර ලබාදීමට කටයුතු කරති.තවද The Hangar මුළුතැන්ගෙයි පිසින ලද චීස් කේක් අතුරුපස සඳහාද සංචාරකයන්ගේ විශේෂ අවධානයක් යොමුව තිබෙන බව මෙහි සූපවේදීහු පවසති. මීගමු වෙරළට සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් ඇත්තේ සන්ධ්‍යා කාලයට සහ රාත්‍රියට බව ඉහත පැවසුවෙමු. මේ නිසාම ඔවුන්ගේ රාත්‍රී ආහාර සඳහාම The Hangar සවස පහට ආරම්භ වී රාත්‍රී දොළහ පමණ වනතෙක් විවෘතව පවතියි.

තවද The Hangar පාලනාධිකාරිය ඉදිරියේදී තම පාරිභෝගිකයන් සඳහා self cooking සංකල්පය හඳුන්වාදීමටද සූදානමින් සිටියි. ලංකාවේ අවන්හල් ක්ෂේත්‍රය තුළ දුර්ලභව දැකගැනීමට හැකි මේ සංකල්පයහරහාඔබටඑළිමහන් පරිශ්‍රයේ සිට BBQ ආහාර පිස ආහාරයට ගැනීමට හැකිය.

ලංකාව තුළ තිබෙන අවන්හල්, හෝටල් අතරින් ගෘහ අලංකරණය සඳහා aviation ක්ෂේත්‍රය සම්බන්ධ කරගෙන තිබෙන එකම අවන්හල වන්නේද The Hangar ය. නමුත් ලොව ඇති බොහෝ රටවල aviation හා සම්බන්ධ අවන්හල්, හෝටල් බොහෝමයක් තිබේ.The Hangar කාර්යමණ්ඩලය විදේශ රටවල පුහුණුව ලැබූ කාර්යමණ්ඩලයක් වන අතර, ඔවුන් මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ඉතා මිත්‍රශීලී සේවාවක් ලබාදෙන බවද පැවසිය යුතුය.

 

Text – Kelum Devinda

Photography – Supun Udayanga

 

2019-08-09-ent-792 2019-08-09-ent-793 2019-08-09-ent-794 2019-08-09-ent-795 2019-08-09-ent-796 2019-08-09-ent-797 2019-08-09-ent-798 2019-08-09-ent-799 2019-08-09-ent-800 2019-08-09-ent-801 2019-08-09-ent-802