අවුරුදු දෙක හමාරක් - මම රැවුල කැපුවෙ නෑ

අවුරුදු දෙක හමාරක් රැවුල කපන් නැතුව පිරිමියෙකුට ඉන්න පුළුවන්ද ?
ඒ තරම් දිග කාලයක් රැවුල කැපුවෙ නැති එයාගෙන් එහෙම අහද්දී දුන්න උත්තරේ පපුවටම දැනුණා...
සිනමාවට තියෙන ආදරේ වෙනුවෙන් අපිට කරන්න බැරි දෙයක් නෑ බං.......
අය්යෝ සාමි.....හිතද්දිත් අවුල් බං....ඒත් කෙනෙක් අවුරුදු දෙක හමාරක් රැවුල කපන් නැතුව හිටියා......කියන්නෙ
ඈ.......ඒ කවුද ඒ ?
ඔයාගෙ ප්‍රශ්නය ඒක නේද ?
එයා තමයි සරත් කොතලාවල
සරත් කොතලාවල කවුද කියලා මම ඔයාට කියන්න ඕනෙ නෑනේ...ඇඟ හිරිවැටෙන්න ..හිත කිති කැවෙන්න ඉන්දියානු සිනමාවෙ ඇවිදින රංග සරසවියක් වූ ඉර්ෆාන් ඛාන් අදටත් මතක් කරවන සරත් කොතලාවල කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නළුවෙක්

ඔයා ඇත්තටම අවුරුදු දෙකහමාරක් රැවුල කැපුවෙ නැද්ද..?
නෑ සිරාවට කැපුවෙ නෑ
ඇයි ඒ ?
චිත්‍රපටයක් හින්දා
මොකක්ද චිත්‍රපටය ?
වාලම්පුරි
ඉතින් film එකක අවුරුදු දෙකහමාරක් රඟපානවායැ?
හරි බං ..අවුරුදු දෙකහමාරක් රඟපෑවෙ නැතුවට අවුරුදු දෙක හමාරක් film එක හින්දා රැවුල කැපුවෙ නෑ
(මගේ හිත කියනවා වටේ යන් නැතුව දැන්වත් උත්තරේ ඉල්ලපන් කියලා )
මොකද වුණේ ?
ලකාගෙ (ලක්මාල් ධර්මරත්නගෙ) වාලම්පුරියේ රඟපාන්න පටන් ගත්තා.දන්නවනෙ එන ප්‍රශ්න ...producer ගෙ ප්‍රශ්න...ඉතින් අතරමග film එක නැවතුණා ..දැන් පටන් ගනී දැන් පටන් ගනී හෙට පටන් ගනී තව මාසෙකින් පටන් ගනී වගේ හිත හිතා රැවුල කැපුවෙ නෑ ...චරිතෙට රැවුල ඕනෑ...සිනමාවට තියෙන ආදරේ වෙනුවෙන් අපිට කරන්න බැරි දෙයක් නෑ බං...ඉතින් ඔය විදිහට වාලම්පුරිය පටන් අරන් shooting ඉවර වෙනකම් අවුරුදු දෙක හමාරක් රැවුල කපන් නැතුව හිටියා
ලකා කීවෙ නැද්ද කපන්න අය්යෙ කියලා?
කීවා ..ඒත් කැපුවෙ නෑ..කපන වේගෙට වැවෙන් නෑනෙ....නළුවෙකුට රඟපෑම වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැති තැන් එනවා...