අවුරුදු 3ක් චූටි මල්ලි කෙනෙක්ට මම හිතින් ආදරය කළා
බැඳීම් කියන්නෙම මහ පුදුමාකාර දෙයක් ....හිතට දැනෙන හිත හිරිවට්ටන බැඳීම් කවදා කොහොම කොතැනකදී ඇතිවෙයිද කියන්න අපි කවුරුත් දන්නෙ නෑ.....

මම දන්න එකම දේ ආදරය කියන්නෙම ආදරය.......
ප්‍රේමය කියන්නෙම ප්‍රේමය.........
ආදරය ඒක පාර්ශවීයව ඇති වෙන්නත් පුළුවන් ....
මම දන් නෑ අයිතියක් කියාගන්න බැරි
ආදරය කොච්චරක් දුන්නත් යළිඳු දුන් ආදරය වෙනුවෙන් ආදරය නොලැබෙන කෙනෙක්ට ආදරය කරද්දී හිතට දැනෙන්නෙ මිහිරක්ද ආස්වාදයක්ද ලතැවුලක්ද වේදනාවක් ද කියලා..
හැබැයි ඒ මොනවාම හරි හැඟීමක් දැනෙනවා ඇති...
සමහරවිට දැනී දැනී දැනෙනවා ඇති.....
දැනී දැනී වද දෙනවා ඇති..
යුරේනි කියන්නෙත් එහෙම ආදරයක් ගැන කතාවක් ද කියලා මට හිතුණා....
මට යාළුවෙක්ගෙ වෙඩින් එකකදි හම්බ වෙනවා මල්ලි කෙනෙක් .එයා මට වඩා අවුරුදු 10ක් බාලයි.ඔස්ට්‍රේලියාවේ පදිංචි .එයා එදා විතරයි මට හම්බ වුණේ.එදා නිකම් කරන්ට් එකක් පාස් වුණා වගේ දැනුණා.එයා එදායින් පස්සෙ ආය ඔස්ට්‍රේලියාව ට ගියා.මම එදා ඉඳන් අවුරුදු 3ක් යනකම් එයාට හිතින් ආදරය කළා.මම ඒ අවුරුදු 3 වෙන කිසිම කෙනෙක් දිහා බැලුවෙවත් නෑ.අදටත් එයා දන්නෙ නෑ මම එයාට හිතින් ආදරය කළා කියලා.ඒක ආදරේකට වඩා ලොකු කැමැත්තක් .මොකක් හරි සංසාර බැඳීමක් කියලා මම හිතනවා.මොකද එක දවසයි දැක්කෙ.එයා ගිය අවුරුද්දේ කසාද බැන්දා.සමහර වෙලාවට මම හිතනවා ඇයි දෙවියො මම ආසා කරන දේ දුන්නෙ නැත්තෙ කියලා.ඒක හොඳකට වෙන්න පුළුවන් .......
දැන් අහන්න වැළලෙන්න හදන්න එපා යුරේනි නොෂිකා වගේ දැඟලිල්ලකට එහෙම ආදරය කරන්න පුළුවන් ද ? වෙන කිසිම කෙනෙක් දිහා බලන්නෙවත් නැතුව අවුරුදු 3ක් ඉන්න පුළුවන් ගෑනියෙක් ද මේ....Connection එකක් තිබුණේ නැත්තන් කොහොමද ගිය අවුරුද්දේ බැන්දා කියලා දන්නෙ වගේ දේවල් .....
හිත හිරිවට්ටන ආත්මයම කිතිකවන ආදරයක් ජීවිතයේ කොතැනකදී හරි කෙනෙක්ට දැනෙන්න පුළුවන් .......
සමහරවිට එහෙම ආදරයක් ජීවිතයේ දැනෙන තැනකදි තවත් ආදර කතන්දරයකට ජීවිතය අස්සෙ කොතැනකවත් ඉඩක් නැති වෙන්න පුළුවන් ........
මොකද මේ ලෝකයේ කිසිම නිර්ණායකයක් ආදරයට වලංගු නෑ........
