ඇඟ පෙන්නා පෙන්නා නටන එකට නර්තනය කියන්න එපා

  • 29-04-2026

සෙන්සේෂන් ඩාන්සින් ටීම් කියන්නෙ හිමාලි සිරිවර්ධනගෙ Dancing Team එක.

මීට අවුරුදු කිහිපයකට පෙර අම්මා කෙනෙක් වෙද්දි  ඇය නැටුමෙන් සහ රංගනයෙන් දෙකෙන්ම ඈත් වුණා. එහෙම වෙච්ච හිමාලි ඔන්න  කාලෙකට පස්සෙ ටෙලි නාට්‍යයකින් එයාගෙ ප්‍රේක්ෂකයන් හමුවෙන්න ඇවිත්.

මිල්ටන් මල්ලවආරච්චිගෙ ආදර කතාව ඇසුරින් නිමැවෙන  එදා රෑ සිනමා නිර්මාණයේ  රුක්මණී දේවි කියන දැවැන්ත චරිතය ප්‍රතිනිර්මාණය කිරීමේ අවස්ථාව හිමි වුණෙත් හිමාලිට.

":ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතන්නෙ විශේෂයෙන්ම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ කාලෙකින් නිසා මාව නිර්මාණයකින් දකින්න ප්‍රේක්‍ෂකයන් බලාගෙන ඉන්න ඇති. ඒ වගේම මේක පවුලේ කතාවක් නිසා ප්‍රේක්‍ෂකයන් වැඩි වශයෙන් නිර්මාණයත් එක්ක එකතුවෙලා ඉන්නව ඇති." 

"ඇත්තටම නර්තන කණ්ඩායම නැවත පටන්ගන්න හිතාගෙන තමයි නැවැත්තුවෙ. නමුත් කාලයත් එක්ක ඒ සිතුවිල්ල වෙනස් වුණා. අවසානයේ මම හිතුවා රංගන ශිල්පිනියක් විදිහට මට තියෙන තැන රැකගෙන ඉන්නවා  කියලා. ඒ නිසා කණ්ඩායමක් විදිහට නැවත නර්තනය පටන්ගන්න මගේ අදහසක් නැහැ.

 සෙන්සේෂන් නම තවමත් ඒ විදිහටම තියෙනවා වැඩකටයුතු නවත්තලා කියල දන්නෙ නැති අය අදටත් ප්‍රසංගවලට ආරාධනා කරනවා

ඇත්තටම දුකක් දැනෙන වෙලාවල් තියෙනවා. නමුත් ඒක ලොකු වගකීමක්. මට පවුලේ වගකීම් එක්ක ඒ අවදානම ගන්න අමාරුයි.

මම දකින විදිහට නර්තන කණ්ඩායමක් කියන්නෙ ඇඟ පෙන්නන එක නෙමෙයි. තමන් දැනගන්න ඕන තැනට සුදුසු විදිහට කොහොමද අඳින්න ඕන, කව්රු ඉස්සරහද අපි නර්තනය ඉදිරිපත් කරන්න ඕන කියන දේ කල්පනා කරන්න. අද සමහර දේවල් දකිනකොට පොඩි කනගාටුවක් තියෙනවා තමන්ගෙ ගරුත්වය රැකගැනීම තියෙන්නෙ තමන් අතේ."

අන්න එහෙමයි හිමාලි කියන්නෙ