
සංසාර වීදියෙන් වීදියට මා හමුවේවායි පතන්නට තරම් මා ඔබ වෙනුවෙන් ආලයේ ගාථා සජ්ජායනා කළාදැයි මම නොදනිමි..එහෙයින්ම ප්‍රේමියේ ඔබ යැදි සෙනහස වෙනුවෙන් ආලයේ මන්ත්‍ර සංසාර භව සරා සිය වරක් ජප කරනු මැන.
ඉතින්.......
ස්නේහයේ චුම්බනය නළල මත වගුරුවා ඔබට සමුදෙන්නට පෙරාතුව යටගියාවක දී මා ඔබ සැනසූ මා ඔබ රිදවූ සුරස මතක පපුතුර තබා චාරුතර වසන්තයක මතක මෙතෙකින් නිමා කරලමි.
අවසන
සුපිෂ්පිත හදවතේ
සුගන්ධය විහිදුවා
ප්‍රේම ආරාමයේ
කැණිමඬල බිම හෙලා
චාරුතර වසන්තය
නිමා කර ඔබ ගිය පසු
ඔබට ලියූ දහසක් ගී අතර මමත් දවසක තනිවෙමි.......




Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
