කොත්තුවක්වත් කන්න සල්ලි නැතුව බඩගින්නට මම වතුර බිව්වා

  • 17-07-2026

දවසක් මට රූපගත කිරීම්වලට ඇවිත් ඊළඟ දවසෙත් එන්න කීවා.කොළඹ මට  ඉන්න තැනක් නැති නිසා මම බස් හෝල්ට් එකේ පඩිපෙළේ නිදාගත්තා .නිදාගෙන ටික වේලාවකින් හිඟන්නෝ ටිකක් ඇවිත් මාව පැන්නුවා.දුවලා ගිහින් බේරුණේ.ඒ කාලේ මම මාතලේ ඉස්කෝලෙක උගන්වනවා.ඉතින් රෑ කොළඹ ඉඳන් ගෙදර ආව ගමන් ඇඳුම මාරු කරන් ඉස්කෝලෙ යනවා උගන්වන්න .කොළඹ ඉඳන්  ගෙදර එද්දි ගමේ බස් එක එනකම් නුවර ඔර්ලෝසු කණුව ළඟ තමයි නිදාගන්නේ.කඩවල කොත්තු එහෙම හදද්දී ඒවා දිහා බලන් ඉඳලා වතුර ටිකක් බීලා එනවා.මොකද මගේ පඩිය මට කොළඹ යන්න එන්න මදි.මම තේරුම් ගත්ත දේ තමයි ජීවිතය සාර්ථක වෙන්නනම් ඒ වගේ දරාගැනීම් තියෙන්න ඕනෑ.....

මේ කතාව මෙහෙම කියන්නේ ප්‍රවීණ කලාවේදී සනත් විමලසිරි .
ජීවිතය කියන්නේ ඉල්ලා හිඳින දෙයම ලැබෙන තැනක් නෙවෙයි .අවැසි දේ සොයා යා යුතු තැනක් ..........