කොන්දක් තියෙන්නේ උමාට විතරද ?

මේ තත්ත්පරය වෙනකම් නන්දා මාලිනිය ගීතයෙන් රටක් ගිනිවත් කළායැයි ඇයට එරෙහිව චෝදනා නගන උන්ට ඇගේ සමකාලීන හෝ ඉන්පසු පරම්පරාවන්හි කිසිම ගායකයෙක් ගායිකාවක් හෝ කලා ක්ෂේත්රයේ කිසිවෙක් කොන්ද කෙළින් තියාගෙන උත්තරයක් දුන්නෙ නෑ.
ලැජ්ජයි...
සමාජ මාධ්යයේ තියෙන විලම්භීත නිදහස ආයුධයක් කරගෙන සල්ලිවලට කහින N.G.O උවමනාවන්ට කඩේ යන හෙන රැඩිකල් විදිහට පෙන්වන සෙට් ඉන්නවා.
එනවා මතුවෙනවා නැත්තටම නැතිවෙලා යනවා.
ඒ ජාතියේ artist ලා සෙට් එකකුත් ලංකාවෙ ඉන්නවා පොර න්යායෙන් දඟලන .
වරදක් නොකරපු එකෙක් පළමු ගල ගහන්න වරෙන් කීවානම් ඔය එකෙක්ටවත් ඔය කතා කියන්න බෑ.
ඒ ඒ යුගයන්හි යුග පරිවර්තනයන් සහ යුගමය අවශ්යතාවන් අනුව සිදු වූ සිද්ධීන්ට අසීමාන්තික කුහකත්වයෙන් සහ දේශපාලන දෘෂ්ටිවාදයෙන් අර්ථකථන දීලා සමාජය ඉස්සරහ සුපිරිසුදු මානවවාදීන් වෙන්න දඟලන උන්ගෙ හෙළුවට කියන්න තියෙන්නේ දන්නෝ දනිති මුලකුරුවල කතන්දරේ කියලා විතරයි.....
උමා අසේනි ....කොන්ද කෙළින් තියාගෙන ඒ අවලම්වාදයට එරෙහිව මෙහෙම සටහනක් හරි තබපු එකම කලාවේදිනිය ඔයා.....
ගෞරවයෙන් ස්තූතියි කියනවා උමා එහෙම කොන්දක් ඔයාට තිබ්බට
මේ උමා අසේනි මුහුණු පොතට එක් කළ සටහන
මරණයකදීවත් දේශපාලනය ඈඳා නොගෙන, මනුශ්යත්වයේ අවම සදාචාරය හෝ රකින්නට බැරි 'හිස්' හිස්, 'කලාවේ' උන්නතිය ගැන පාරම් බාන අමන, අධම, නරුම යුගයක 'කලාවට' වඩා 'හුදෙකලාව' සැපතකි.
එතුමියගේ ඉහේ කෙස් ගහක පමණකවත් දෙයක් කලාවට නොකෙරුව, බතල හිටවන කටවල්, ලිස්ට් එකේවත් නොදකින්....
ප.ලි- දේශපාලනය ඈඳා ගනිමින් ඇයට අපහාස, චෝදනා නගන්නෝද, ඇගේ මරණය මතින් තමා විශ්වාස කරන දේශපාලනය උත්කර්ෂයට නගන්නෝද එකම කුලකයකට අයත් කුහකයින් ය.
