දැන් මූ කෝ ’’ කියලා මට සමච්චල් කරපු අයත් හිටියා

  • 23-09-2026

දර්ශන් තවරාජා ට සම්මානයක් ලැබුණා.ඇත්තටම දර්ශන් නළුවෙක් විතරක් නෙවෙයි දක්ෂ චිත්‍ර ශිල්පියෙක්ස ම්මානය ගත්ත දර්ශන් හුගාක් සංවේදීව එයාගෙ හැඟීම් මේ විදිහට වචන කළා.

දැන් තමයි මේ හැමදේම… ඒක තමයි වැදගත්…

මේ දවස්වල මට එක එක සම්මාන ලැබෙනවා. ඒ ඔක්කොම අතට ගනිද්දි, ඇත්තටම ඒ හැම සම්මානයක් ඇතුළෙම මට ආදරේ කරන මිනිස්සුන්ගේ ආදරය පිරිලා තියෙනවා කියලා දැනෙනවා.

“කළුවරට හිත බය හින්දා” සින්දුව ඇවිල්ලා අවුරුදු 4ක්. “හිතුවක්කාර” මගේ පළවෙනි ටෙලිනාට්‍යය ඇවිල්ලාත් අවුරුදු 4ක්.

ඒ කාලේ ඉඳන් මාත් එක්ක හිටපු ප්‍රේක්ෂකයෝ දන්නවා, ඒකෙන් පස්සේ මම ආයේ screen එකේ නැති වුණා කියලා. මගේ photos දාලා මට memes හැදුවා, “දැන් මූ කෝ?” කියලා. එක එක අධ්‍යක්ෂකවරයන්ට Call කරලා Chance ඉල්ලුවා.එහෙම කාලයක් මට තිබ්බා කියලා කවුරුත් දන්නේ නෑ.

වැඩ කරලා සල්ලි හම්බ කරන්න බැරි වුණාට, chances නැති වුණාට, හැමදාම මම ජීවත් වුණේ social media එකේ අපේ මිනිස්සු දාන comments ටිකත් එක්ක.

“මූව දාලා වැඩක් ගන්න අධ්‍යක්ෂකවරයෙක් නැද්ද?”

ඒකෙන් පස්සේ එකපාරටම මට හම්බ වෙච්ච film එක තමයි “මං හොයන්නේ ප්‍රේමයක්”, ඊට පස්සේ රොන් සොයා, සෝනු මන්දාරා, සුර දෙටුවෝ, ප්‍රේමියේ, Pisszoo කියලා ආයෙත් kick start කරගෙන ආපු ගමන තමයි මේක