
හර්ෂ ධනෝෂ් කියන්නෙ අතුල අධිකාරිගෙන් පස්සෙ අමායා අධිකාරිගෙ හස්බන්ඩ් වෙච්ච රටේ කවුරුත් දන්න ගායකයා.
අතුල තාත්තා වෙච්ච දරුවත් අරන් ධනෝෂ් ළඟට ආව අමායා තවත් දරුවො දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක් වුණාට පස්සෙ ධනෝෂ්ගෙන් වෙන්වුණා.හැබැයි ධනෝෂ් නම් කියන්නෙ අමායා කියන්නෙ මගේ soul mate කියලා.අමායා නම් කියන්නෙ ධනෝෂ් කියන්නෙ birthday එකකට මලක් දෙන්න තරම්වත් සංවේදි හිතක් තියෙන මිනිහෙක් නෙවෙයි කියලා...කොහොමින් කොහොම හරි දැන් ධනෝෂ් ට ආයෙත් අමායා ඕනෑලු....
"අතුලගෙන් අයින් වෙලා අමායා ආවෙ මගේ ළඟට.එක කාලයක් අපි හරි සතුටින් හිටියා. අපිට දරුවො දෙන්නෙක් ඉන්නවා.නෑ අපිට දරුවො තුන්දෙනෙක් ඉන්නවා.ඒ තුන්දෙනාටම මම පණ වගේ ආදරෙයි.දරුවො තමයි මගේ පණ.පිට අයගෙ කේලම් හින්දා තමයි අපිට අපි නැති වුණේ .ඒ ගැන මම අදටත් දුක් වෙනවා.ඒත් මට පුළුවන් නම් අමායයි දරුවොයි ආයෙ මගේ ගාවට ගන්න මම දෙපාරක් හිතන්නෙ නෑ........"
බිඳෙන්න ඉස්සර බැඳීම් ආදරෙන් පරිස්සම් කරන එක තමයි හොඳම දේ.......මොකද බිඳුණු බැඳුම් හා කළත් බිඳුණු රේඛා කොහෙන් හරි මතුවෙනවා ඉඳහිටක දී හරි








Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
