නන්දා මාලිනිය බලාගත් වෛද්‍යවරයකුගේ සංවේදී සටහනක්

  • 21-08-2026

ඇයගේ හුස්ම එක තත්ත්පරයක් හෝ මිහිමත රඳවා තබන්න කැපවූ උත්තරීතරත්වය වෙනුවෙන් ඔහු ඇය වෙනුවෙන් එක් කළ අවසන් සටහන අපි මෙලෙස සටහන් කර තබමු.......

ඔහු වෛද්‍ය සිතිර සෙනෙවිරත්න ...නන්දා මාලිනිය වෙනුවෙන් පේවුණු වෛද්‍යවරයෙක් ලෙස ඔහුට ස්තූතියේ මල් මිටක් හිමිවිය යුතුමය.

ඇයගේ ජීවිතයේ අවසන් කාලය තුළ ඇයට ශක්තියක් වීමට හැකිවීම මා ලැබූ අතිමහත් වරප්‍රසාදයක් ලෙස සදා මතකයේ රැඳෙනු ඇත.

ආදරණීය නන්දා මාලිනී මහත්මියනි, 
ඔබේ හඬින් පරම්පරා ගණනාවක හදවත් සැනසූ ඔබ අද නිහඬ වී ඇත.
​ඔබට සමුදීම ඉතාමත් වේදනාකාරී මොහොතකි.
​ඔබ අප අතරින් නික්ම ගියත්, ඔබේ හඬත්, ඔබේ ගීතත්, ඔබේ මතකයත් සදාකාලිකව අප අතර ජීවත් වනු ඇත.

​ඔබට නිවන් සුව ලැබේවා!

- වෛද්‍ය සිතිර සෙනෙවිරත්න