සිනමාවේදී රොහාන් වැලිවිට අධ්යක්ෂණය කළ "මම තනියම" චිත්රපටය, ඉන්දියා චිකාගෝ අන්තර්ජාතික සිනමා උළෙලේ "හොඳම අන්තර්ජාතික වෘත්තාන්ත සිනමා නිර්මාණය" ලෙසින් සම්මානයට පාත්ර වුණා.
කලකට පෙර සුසීමා චිත්රපටය තිරයට රැගෙන ආ රොහාන් වැලිවිටගේ දෙවන සිනමා නිර්මාණය තමයි "මම තනියම" . මම තනියමත් එක්ක චමීර ලියනගේ, දුමී වන්නිආරච්චි, නිමල් පල්ලෙවත්ත, කුමාර කරුණානන්ද, ගාමිණී ජයලත්, සුදර්ශනි ගැලනිගම, නෙතලි නානායක්කාර, දිලුක්ෂි විතාරණ, ජගත් ආනන්ද, සුලෝචනා ඉසුරින්දි, කුමාර වඳුරැස්ස ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා. කතාව දෙබස් සහ තිර රචනයෙන් චන්දන සමරසේකර, කැමරාකරණයෙන් ත්රිශූල දීප තඹවිට, කලා අධ්යක්ෂණයෙන් චන්දන පීරිස්, නිෂ්පාදන සැලසුම්කරණයෙන් දීප්ති වීරසූරිය,අංග රචනයෙන් සම්පත් රණසිංහ, ඇඳුම් නිර්මාණයෙන් අනෝමා වැලිවිට, සංස්කරණයෙන් අනූෂ ජයවර්ධන, වර්ණ සංයෝජනයෙන් ආනන්ද බණ්ඩාර, සංගීත අධ්යක්ෂණයෙන් නවරත්න ගමගේ, ගී පද රචනයෙන් අජිත් ගලප්පත්ති හා ගීත ගායනයෙන් සමිතා මුදුන් කොටුව එක්වී ඇත. නුවන් වැලිවිට විධායක නිෂ්පාදනයෙන් එක්වූ "මම තනියම" මාර්ක් ප්රනාන්දු සමගින් රාජිත මනරම් එක්ව කළ නිෂ්පාදනයක්.

Trending News
Events
දුෂේනිගෙ රතු දවසට තරු පොකුරක්
- 14-10-2026
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
- 30-09-2026
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
