
විහග ප්‍රේමය කියන්නෙ සිනමාවේදී සංජීව පුෂ්පකුමාරගේ සිව්වැනි සිනමා නිර්මාණයයි. ප්‍රේක්ෂක ආදරය සහ ප්‍රතිචාර මැද්දෙන් රිදී තිරයේ ගලා යන විහඟ ප්‍රේමයේ “නදී” ලෙසින් රංගනයෙන් දායක වෙන්නේ ඩිනාරා පුංචිහේවා කියන ලාංකික සිනමාවේ සුන්දරතම එක් අනාගත බලාපොරොත්තුවක් වූ රංගවේදිනියයි.
සබීතා පෙරේරා වසර ගණනාවකට පසු සිනමාව තුළ ජීවත් කරවූ විහඟ ප්‍රේමයේදී ඈ හා රංගනමය අත්දැකීම් ඩිනාරා වදන් බවට පරිවර්තනය කළේ මෙහෙමයි.
“ඇත්තටම සබීතා පෙරේරා මහත්මිය එක්ක ස්ක්‍රීන් එක ශෙයා කරගන්නවා කියන්නේ ලොකු ආශීර්වාදයක්. ඇය ඉතාම දක්ෂ නිළියක්. ඉතින් මම ගොඩක් සතුටු වෙනවා මට මේ අවස්ථාව ලැබුණු එක ගැන. මම හිතන්නේ සබීතා ආන්ටි අවුරුදු 11කට පස්සේ තමයි චිත්‍රපටයකින් එළියට එන්නේ. ඉතින් මේක විශේෂ චිත්‍රපටයක්.
රූගත කරන වෙලාවට අමතරව සාමාන්‍යයෙන් ඉඳගෙන ඉන්නකොටත් ගොඩක් දේවල් කියලා දෙනවා. සබීතා ආන්ටි හරිම ෆ්‍රෙන්ඩ්ලි කෙනෙක්.”
ඒ ඇගයීම ඇත්තටම ප්‍රසංශනීයයි.
Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
