හිරාන් - හිරුණිකාලගෙ කේන්දර අවුලක්ලු

හිරාන් යටෝවිටගේ කියන්නේ නිරූපණ ශිල්පියෙක් වගේම නළුවෙක්. ඒ නළුවා කසාද බැන්දේ රටම දන්න නිළියක් නෙවෙයි වුණාට රටම දන්න කාන්තාවක්. එයා තමයි
හිරුනිකා ප්‍රේමචන්ද්‍ර. කසාද බැඳලා ළමයි දෙතුන් දෙනකුත් හැදුවට පස්සේ දෙන්නා නීතියෙන්
දික්කසාදය නොගත්තට වෙන් වෙලා ජීවත් වෙන්න පටන් ගත්තා. හිරාන් තවමත් ක්‍ෂේත්‍රයේ වැඩ්ඩෙක් විදිහට හිටියට හිරුණිකා මේ වෙද්දි දේශපාලන වේදිකාවෙන් තාවකාලිකව සමු අරන් කියන එක තමයි කියන්න තියෙන්නේ. ඊයේ පෙරේදා මෙයාලා ආයෙත් දෙන්නගෙ වෙන්වීමට හේතු කතා කරන්න පටන් ගත්තා.
" අපි දෙන්නගෙ අදහස් කිසිසේත්ම ගැලපෙන්නෙ නෑ. ඒකයි අපි වෙන් වෙලා ඉන්න තීරණය කළේ . වෙන් වුණාට අපි කවදාවත් දික්කසාද වෙන්නේ නෑ. ළමයින්ගේ ඕනෑම වැඩකදී අපි දෙන්නා එකට ඉන්නවා. "
හිරුණිකා ඒ අස්සෙ කියන්නේ හිරාන් නැති වුණාට එයාට ආයෙත් සහකරුවකුත් අවශ්‍ය නැහැ කියලා. හිරාන් නම් තමන්ට සහකාරියක් අවශ්‍යද නැද්ද කියන එක ගැන කිසිම දෙයක් තවම කියන්නේ නෑ.
ඒ ඔක්කොම කතා අතරේ කේන්දර කතාවකුත් මෙතෙන්ට ඇදිලා ඇවිල්ලා තියෙනවා.
අපි දෙන්නා කේන්දර බලලා කසාද බැන්ද දෙන්නෙක් නෙමෙයි. ඒත් මෑතකදී අපි කේන්දර බැලුවා.ඒ කේන්දර බලද්දි තමයි දැන ගත්තේ අපි දෙන්නා කිසිසේත්ම ගැලපෙන දෙන්නෙක් නෙවෙයි කියලා.
husband and wife විදියට හිටියේ නැති වුණාට අපි හැමදාමත් හොඳ මිතුරන් විදියට ආශ්‍රය කරන්න තීරණය කළා. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ.
වෙන් වෙලා කා කොටාගෙන ඇණ කොටාගෙන විරසක වෙනවට වඩා නම් හිතුණම කෝපි කෝප්පයක් බොන්න හරි friend ship එකක් තියාගන්න එක තමයි ඇත්තටම හොඳම දේ.

