හෙළ රූ........ සිනමාවට -කලාවට අලුත්ම -වෙනස්ම app එකක් !

හෙළකුරු අකුරක් ගැලවෙයි...
හැබැයි හෙළකුරුත් එහෙමම ඉන්නවා . හෙළකුරු "කු " යන්න ගලවාගෙන "රු " යන්න
" රූ " යන්න කරගෙන හෙළකුරු ළඟට එයාගෙ පළමු ආදරවන්තිය ඇවිදින් ..එයාගෙ නම හෙළ රූ...කොහොමද නමේ ගැම්ම ....ලස්සන
හෙළ රූ App එකෙන් ඔයාට ශ්‍රී ලාංකික චිත්‍රපට බලන්න පුළුවන්.
ඕනෑම චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ට හෙළ රූ app එක විවෘතයි..
තේරීම් පංගුපේරු නෑ..චිත්‍රපට නිෂ්පාදකවරයෙක් එයාගෙ චිත්‍රපටය හෝ චිත්‍රපට හෙළ රූ ට දෙන්න කැමතිනම් එයා ඒක ගන්නවා
හෙළ රූ film එකක් බලද්දි ඔයාට ගෙවන්න වෙන්නෙ මෙහෙමයි
වාලම්පුරිය බලනවානම් ඔයා රුපියල් 400ක් ගෙවන්න ඕනෑ.ඒ ගෙවන රුපියල් 400ට ඔයාට දවස් හතක් ඇතුළත ඕනෑම වාර ගණනක් වාලම්පුරිය බලන්න පුළුවන්...හැබැයි ඔයාට ඒ 400 ඇතුළෙ වෙන චිත්‍රපට බලන්න බෑ..
ඒ කියන්නෙ ඔයා මුදල් ගෙවන චිත්‍රපටය විතරයි සතියක් ඇතුළත ඕනෑම වාර ගණනක් ඔයාට බලන්න පුළුවන්
වාලම්පුරිය බලන්න 400ක් ගෙව්වට අනික් හැම චිත්‍රපටයක් වෙනුවෙන්ම ඔයා ගෙවන්න ඕනෑ රුපියල් 300 ක මුදලක්...කොන්දේසිය මුලින් කීව විදිහමයි
එතකොට චිත්‍රපට නිෂ්පාදකට මුදල් ගෙවන්නෙ මෙහෙමයි
නිෂ්පාදකවරයෙක්ගෙ චිත්‍රපටය හෝ චිත්‍රපට ප්‍රේක්ෂකයන් බලලා ධනිකට එන ආදායමෙන් 50%ක් එයා නිෂ්පාදකවරයට ගෙවනවා .හැම මාසයකම මාසෙ අන්තිම වෙනකම් ගණන් බලලා මාසෙන් මාසෙට තමයි ඒ ගෙවීම් කරන්නෙ
දැන් හෙළ රූ හොයන්න ඔයා play store එක search කරන්න යන්න එපා....එයා ඒක අස්සෙ නෑ.....ඔයා හෙළකුරු app එක download කරගෙන නැත්නම් අන්න එයාව download කරගන්න ...එයා ගාවම තමයි අරයා ඉන්නෙත්.....
හෙළකුරු අයිතිකාරයා ධනික පෙරේරා ගෙ හෙළකුරු අස්සට හෙළ රූ රිංගවපු කපුකම අස්සෙ ලකාගෙ (වාලම්පුරිය film එක අධ්‍යක්ෂණය කරපු ලක්මාල් ධර්මරත්නගෙ) හිතුවිලිත් ධනිකගෙ හිතුවිලි හා යා වෙච්ච තැන් තියෙනවා කියලා මට හිතුණේ waters edge හීදී හෙළ රූ හඳුන්වා දෙද්දි . වාලම්පුරියට දමිළ භාෂාවෙන් හඬ කැව්වට ඒක ප්‍රේක්ෂකයන් අතරට ගෙනියන්න සිනමාශාලාවල දොරවල් නොඇරෙද්දි වගේම වාලම්පුරි බලන්න ආසාවෙන් හිටපු මැදපෙරදිග වගේ ඉන්න අපේ මිනිස්සුන්ට ප්ලැට්ෆෝම් එකක් ඕනෑ වෙද්දි ඒ අවශ්‍යතාව වගේ හේතු හුඟක් හෙළ රූ උපද්දවන්න හේතු වුණා .
App එක launch කරලා පැය විසිහතරක් ඇතුළත 1000 ක් වාලම්පුරිය බලලා තිබුණා.
හෙළ රූ app එක ඇතුළට ගියාම ශානර කීපයක් යටතේ චිත්‍රපට බලන්න පුළුවන්. Romance ,Comedy ,Drama වගේ ශානර කිහිපයක් ම තියෙනවා.ඒ Drama කියන්නෙත් චිත්‍රපට ශානරයක්.ඉතින් ඉතුරු ශානර මොනවද බලන්න තියෙන චිත්‍රපට මොනවද කියලා ඔයාම හෙළ රූ ළඟට ගිහින් බලන්න
රිසි සේ ඒ සියල්ල බලාගන්න හෙළ රූ අස්සට ගියොත් ඔයාට පුළුවන්
දැනට හෙළ කුරු එක්ක ලක්ෂ 44ක් එකතු වෙලා ඉන්නවා.....ඉතින් හෙළ රූ ත් ඔයාලට ඉක්මනින්ම ඔයාගෙම කෙනෙක් වේවි...හිතුණ වෙලාවක මහ රෑ ක හරි අඩුම මුදලකට සතියක් තිස්සෙ එක පාරක් මදිනම් සිය වතාවක් හරි තනියෙන් බැරි නම් කා -කා එක්ක හරි චිත්‍රපටයක් බලනවා කියන්නෙත් අමු ආතල් පට්ට සතුටක් නේ?
අන්තිමට කියන්න තියෙන්නෙ නුදුරේම ඩිජිටල් ප්ලැට්ෆෝම් එකේ දිගහරින්න පුළුවන් ඕනැම නිර්මාණයකට හෙළ රූ විවෘතයි....කෙටි චිත්‍රපට ,music video වගේ කලාව එක්ක යා වෙන ඕනෑ දේකට..ඒවා බලන්න ගෙවන්න වෙන මුදල තවත් අඩු වේවි.ඒ වගේම film එකක් හරි කලාව හා යා වෙච්ච ඕනෑ දෙයක් කරලා ඔයාට ඒක මිනිස්සු අතරට ගෙනියන්න ප්ලැට්ෆෝම් එකක් නැත්නම් අන්න එතෙන්දිත් හෙළ රූ ඔයා එක්ක ඉන්නවා .
ඒකත් ධනික ඔයාට දුන්න තවත් පොරොන්දුවක්














