45 වසරකට පසු Asia Pacific වේදිකාවේ ශ්‍රි ලංකාවත් දිලිසෙයි

  • 12-10-2026

1981 අවුරුද්දේදී රෝසි සේනානායක Miss Asia Pacific International කිරුළ ශ්‍රී ලංකාවට ගෙන ඇවිත් දැන්   දශක හතරකට වැඩි කාලයක් ගෙවී ගිහින් .ඉතින් 45 වසරක් තරම් දිගු කාලයකින් ඉනික්බිති එම ජාත්‍යන්තර වේදිකාව තුළ ශ්‍රී ලංකාවේ නාමය දිදුළවන්නට සන්දීපා සෙව්මිණි සමත් වුණා.

පිලිපීනයේ පැවති 43 වැනි Miss Asia Pacific International 2026 තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කළේ සන්දීපා.ඇය එම  තරගාවලියේ ඉදිරි අදියර දක්වා පැමිණියේ කැපී පෙනෙන performance එක්ක.

සන්දීපාගේ  ගමනේදී  වැඩිම අවධානයක් දිනාගත් අවස්ථාවක් වූයේ Best in National Costume සම්මානය ඇය තමා සතු කරගත් අවස්ථාවයි.

ශ්‍රී ලංකාවේ මොනරාගේ අලංකාරය සහ අභිමානයෙන් ආභාසය ලැබූ එම  අලංකාර National Costume එක නිර්මාණය කර තිබුණේ චානුක ද සිල්වා . ජාත්‍යන්තර වේදිකාවේ Sri Lankan identity එක විශේෂ ලෙස ඉස්මතු කළ මේ නිර්මාණය pageant fans අතරත් අවධානය දිනාගත් නිර්මාණයක් වීම විශේෂත්වයක් .

ඒ වගේම  සන්දීපාට People’s Choice සහ Rising Favorite යන subtitle recognition ද හිමි වුණා., ඇත්තටම online public support එකත් ඇගේ pageant journey එකේ වැදගත් සන්ධිස්ථානයක් . 

Miss Asia Pacific International සමඟ ශ්‍රී ලංකාවට තිබෙන්නේ දිගු ඉතිහාසයක් කියලත් ඔයා දන්නවද ?

ඒ ඉතිහාස ගමන් මග මෙහෙමයි.1965දී Ester Cheryl da Silva ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 1st Runner-up වුණා.1981දී Rosy Senanayake කිරුළ දිනාගනිමින් ශ්‍රී ලංකා pageant ඉතිහාසයේ ට ලස්සනම පරිච්ඡේදයක් එක් කළා. 1982දී Sharon de Jong 3rd Runner-up වූ අතර, 2017දී Hasini Samuel “Darling of the Press” සම්මානය දිනාගත්තා.

ඉතින් ඊට පස්සෙ වසර හතළිස්  අටක්  ඇවෑමෙන් 2026දී ශ්‍රී ලංකාවේ නාමය නැවතත් මේ වේදිකාව මත බැබළවූ  හැඩකාරිය තමයි සන්දීපා. සැබැවින්ම එය කිරුළකට පමණක් සීමා නොවන Sri Lankan representation එකක අලුත් පරිච්ඡේදයක් ලෙස හඳුන්වන්න පුළුවන් . 

සන්දීපා ඔබට අපේ සුබපැතුම් .