Coffee With Karana ඉවරායි

  • 02-10-2026

"වසර 22ක බොලිවුඩ් ගොසිප් රාජධානියට තිත!" 'කොෆී විත් කරන්' සදහටම නවතී!

අන්න ඒක බොලිවුඩයෙන් ඇහුණු අලුත්ම ආරංචියක් 
 ඒ අලුත්ම ආරංචිය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතා කරලා තිබුණේ මෙහෙමයි

බොලිවුඩයේ මහා රහස්, රහස් පෙම් කතා සහ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම්වලින් ලොව පුරා ප්‍රේක්ෂකයින් කුල්මත් කළ 'කොෆී විත් කරන්' (Koffee With Karan) වැඩසටහන වසර 22ක දීර්ඝ ගමනින් පසු සදහටම වසා දැමීමට එහි සූත්‍රධාරී, ප්‍රකට සිනමා අධ්‍යක්ෂ කරන් ජොහාර් තීරණය කර තිබේ!

දශක දෙකකට වැඩි කාලයක් පුරා බොලිවුඩ් ක්ෂේත්‍රයේ දැවැන්තම තරු නින්දෙන් අවදි කරමින්, ඔවුන්ගේ ඇඟ කිලිපොළන ගොසිප් එළියට ඇද දැමූ මෙම සුපිරි ටෝක් ෂෝ එක නතර කිරීමට හේතුව කියමින් කරන් පවසා ඇත්තේ තමන්ට නැවතත් සිනමා අධ්‍යක්ෂණයට දැඩි ආශාවක් ඇතිවී තිබෙන බවයි.

"මට තව තවත් චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්න ලොකු ආසාවක් තියෙනවා. ඒ නිසා මගේ සම්පූර්ණ කාලය සහ අවධානය සිනමා නිර්මාණ වෙනුවෙන් කැප කරන්න මම තීරණය කළා," යනුවෙන් කරන් පවසා ඇත.

බොලිවුඩ් තරු එකිනෙකා කොටවමින්, රහස් එළියට දමමින් සෝෂල් මීඩියා ගිනි තැබූ 'කොෆී විත් කරන්' අවසන් වන බව ඇසීමත් සමඟම, රසිකයන් සෝෂල් මීඩියා හරහා එහි අමතක නොවන මතකයන් ආවර්ජනය කරමින් දැඩි කනගාටුව පළ කරමින් සිටිති.