Colombo International Theatre Festival Aug. 22 nd -27th 2026

Colombo International Theatre Festival එක අගෝස්තු 22 ඉඳන් 27 වෙනකම් 12 වැනි වතාවටත් කොළඹ මරදාන Elphinstone Theatre හීදී පැවැත්වෙනවා.
වේලාව හවස 6.30
අගෝස්තු 22
ඩෙන්මාර්කයේ Denni Dennis ගෙ JEG HAMLET
අසංක දිමුතුගෙ GAME OVER ,
ගාමිණී විජේවර්ධනගේ REST vs STRES
අගෝස්තු 23
Canada /Siriya -Majdi Bou -Matar ගෙ ADRENALINE ,
ඉන්දියාවේ Aliyar Ali ගෙ THE SWAN SONG ,
ශ්රි ලංකාවේ Thelima Medis ගෙ SALT AND BLOOD
අගෝස්තු 24
කසකස්තානයේව් Dina Zhumabayeva ගෙ MEDEA
ඉන්දියාවේ Nimmy Raphel ගෙ NIDRAVATHWAM
ඉසුරු අංජන වීරකෝන්ගේ ECHO OF THE SILENCE
අගෝස්තු 25
පෝලන්තයේ Nikola Palej ගෙ DISAPPERRING IN A FORM
වී .විජයකුමාර්ගෙ VOICE OF DILAKSHA
ඉන්දියාවේ Brishtirani Hazarika ගෙ MOONLIGHT OF THE ISLAND
අගෝස්තු 26
Colombia -Italy Mayil Georgi Nieto ගෙ FOR A BANANA
යසිරු සඳරුවන්ගෙ THE SWING
ආර්.එම්.ටී නිලංගගේ THE DARK MEMORY
ඉන්දියාවේ Deep Bhowmik ගෙ KATHA MINAKSHI
අගෝස්තු 27
U.S.A / Serbia Aleksey Burago ගෙ WHEN IT HURTS YOU PLAY
ඉන්දියාවේ Dr .Mrinal Jyoti Goswami ගෙ THE BODY AS BORDER
තරිඳු වනිගසූරියගේ GIRI DEVI -SECTION 364 A
අගෝස්තු 28
Award Ceremony (RSVP only )
ඔන්න ඔය විදිහට කොළඹ ජාත්යන්තර රංග කලා උළෙල දෙස් විදෙස් නාට්ය සඳහා වෙන්වෙලා තියෙන්නේ .
දහසක් අභියෝග මැද එහෙත් අභිමානයෙන් මොහොමඩ් සෆීර් මේ නාට්ය උළෙල අඛණ්ඩව පවත්වා ගෙනයෑමට දරන වෙහෙස සැබැවින්ම ප්රසංශනීය යි.
ලංකාවෙ පැවැත්වෙන එකම ජාත්යන්තර නාට්ය උළෙලත් මෙයයි.
නියත වශයෙන්ම මෙය ලාංකික නාට්ය කලාවටම කීර්තිමත් වටිනාකමක් හැමදාමත් එක් කළ නාට්ය උළෙලක්.
මේ නාට්ය උළෙල ගැන විවෘත වේදිකාවක ඉඳන් කතා කරන්න හුගාක් ගැඹුරු දේවල් තියෙනවා .
හරි අගෝස්තු 28න් පස්සෙ අපි ඒ ඔක්කොම කතා කරමු.


