Politics නිසා මට වැරදුණා
මම නිහඬ වුණා නෙවෙයි මාව නිහඬ කළා
Politics නිසා අවුරුදු 44ක් හදපු නම විනාශ කරගත්තා
අරගලයයි දේශපාලනයයි හින්දා ලකම්මා වෙලා සමහරු කියන විදිහට (අපි නෙවෙයි ඈ) හත්පොළේ ගා ගත්ත දමිතා අබේරත්න දැන් පට්ට අවුලෙන් ඒ චොර සීන් ගැන දැන් Talk කරන්නේ.
ඒත් එක්කම එයාගේ රංගන ජීවිතය ගැන දමිතා එදා වගේම අදත් කතා කරන්නේ හරි ආඩම්බරයකින් සහ ආදරයකින් .
මේ දමිතා හුගාක් දේවල් ගැන කියපු හුගාක් දේවල්
Cut කියන්න අමතක වෙලා Director ඇඬුවා
සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ Room No.106 Shooting අත්දැකීම මට හරි විශේෂයි.
ඒක අදටත් නොවිසඳුණු සත්‍ය ඛේදවාචකයක්. කාන්තාවකගේ හිස අදටත් අතුරුදන් වූ, දෙපාර්ශ්වයේම පවුල්වල සාමාජිකයන් අදටත් වේදනාවෙන් ජීවත්වන සත්‍ය සිදුවීමක් පාදක කරගත් මෙම චිත්‍රපටයේ බිරිඳගේ අසරණ භාවය රඟපෑම මට දැවැන්ත අභියෝගයක් වුණා.
Camera crew එකම Freeze වුණු scene එකක්
දරුවන් සහ බිරිඳ අතහැර දමා යන climax scene එකේදී, අධ්‍යක්ෂ සුරංග ද අල්විස් "Action" කියද්දී මම හඬා වැටෙමින් සිදුකළ realistic රංගනය කොච්චරක් ප්‍රබලද කියනවනම් අධ්‍යක්ෂවරයාට "Cut" කීමට පවා අමතක වුණා. කැමරා ශිල්පී ප්‍රවීන්ට තමන් කැමරාමන් කෙනෙක් බව අමතක වුණා. අවසානයේ දර්ශනය නතර වුණේ සුරංග ද අල්විස් කඳුළු පුරවගෙන ඇවිත් මාව බදාගන්නා .
කාටවත් අසාධාරණයක් නෑ:
සත්‍ය සිදුවීම් පදනම් කරගත් ඇතැම් නිර්මාණවල චරිත සුදුහුණු ගෑම හෝ අසාධාරණ ලෙස කළු කිරීම සිදුවෙනවා.ඒත
ජීවත්ව සිටින කිසිදු පාර්ශ්වයකට හානියක් නොවන ලෙස මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා.
Social media හැසිරෙන්නේ නීතිය උන්ට යටයි වගේ!
වර්තමාන social media culture එක ගැන මට ලොකු විවේචනයක් තියෙනවා .
සිදුවීමක් වූ සැණින් ඇත්ත නැත්ත නොබලා, පුද්ගලයෙකුට ජීවත්වීමේ අයිතිය පවා අහිමි කරන මට්ටමට cyber bullying සහ trial by media සිදුකරනවා.
තාක්ෂණය ඉදිරියට ගියද, තොරතුරු බෙදාහැරීමේදී යම් ethical limit එකක්, regulation එකක් සහ සදාචාරයක් තියෙන්න ඕනෑ.
දේශපාලනයට ගිය එක මම කරපු ලොකුම වරදක් – ආයේ කිසිදාක Politics නෑ.
කලා ක්ෂේත්‍රයෙන් මම තාවකාලිකව ඈත්වීම පිළිබඳව කිසිවෙකු නොදත් තිත්ත ඇත්තක් තියෙනවා .
මම නිහඬ වුණා නෙවෙයි... මාව නිහඬ කළා
අවුරුදු හතළිස් හතරක් තිස්සේ මම ලබපු audience එකේ ආදරය පැත්තකින් තියලා politics වලට ගිය එක මගේ ජීවිතේ කරපු ලොකුම mistake එක. ඒක කියන්න මම ලැජ්ජා වෙන්නේ නෑ. කලාවෙන් හදාගත්ත image එක දේශපාලනය නිසා විනාශ කරගත්තා කියන පසුතැවීම මගේ හිතේ තියෙනවා. ආයේ කවදාවත් මම දේශපාලනය කරන්නේ නෑ
මාස තුනෙන් බඩට ආව දරුවො දෙන්නෙක්ම මට නැතිවුණා
මට අම්මා කෙනෙක් වෙන්න බැරි වුණාට මගේ බඩට දරුවො දෙන්නෙක්ම ඇවිත් මාස තුනෙන් ඒ දරුවන් නැති වුණා.මම ආසයි අම්මා කෙනෙක් වෙන්න.මම වගේ අම්මා කෙනෙක් ගෙ දරුවෙක් වෙන්න පිනක් තියෙනවා නම් ඒ දරුවා මගේ ගාවට එයි.
අන්තිම ට කියන්න තියෙන්නේ කලාකරුවන්ට දේශපාලකයන්ට වඩා ජනතා ආදරයක් සහ power එකක් තියෙනවා . ඒ ආදරය ආයෙත් මට ලබාදෙමින් නැවත field එකට එන්න මට අතහිත දුන් සුරංග ද අල්විස් සහ ‘අමුතු කල්ලිය’ ටෙලිනාට්‍යයේ චාමර සමරවික්‍රම යන මිතුරන්ට ඇත්තටම සිය දහස් වාරයක් ස්තූතියි.


