අර්ජුන රණදේවගේ පළමු ගීත ඇල්බමය සහ ප්‍රිසිලා ගොඩහේවාගේ නවතම කෘතිය එලි දකියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නවක ගායන ශිල්පියෙකු සහ ව්‍යාපාරිකයෙකුද වන අර්ජුන රණදේවගේ පළමු ගීත ඇල්බමය ඔස්ට්‍රේලියාවේ‍ සිඩ්නි නුවරදී පසුගියදා (14දා) එලිදැක්විණි.

අලංකාර දිවි උයන්තරේ නම් වූ මෙම ගීත ඇල්බමය සඳහා අලංකාර දිවි උයන්තරේ, සරා සඳ, දුකක් දැනුනම, හිත හදා ලඟ ඉන්නේ, රළ පනාව, ක්‍රිෂ්ණා මාගේ, සුළං රැලක්, නිල් දෑස පාන, රහසින් රහසින් සහ හිරිපොද සීතල නමින් ගීත 10ක් ඇතුලත් වී තිබේ.

එමෙන්ම මෙම ගීත ඇල්බමයේ සුවිශේත්වය වනුයේ ගීත ඇල්බය ඇතුලත් සීඩී තැටියක් වෙනුවට එම අවස්ථාව සඳහා පැමිණි සියලු දෙනාට ගීත 10ම පද  ඇතුලත් පොතක් ලබා  දුන් අතර එහි ගීතයට අදාල පිටුවෙහි ඇති QR කේතය ස්කෑන් කිරීමෙන් අනතුරුව එහි ඇති ගීත රසවිදීමට ඇති හැකියාවයි. එය ලංකාවේ මෙන්ම ඔස්ට්‍රේලියාව තුලද නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින් ගීත ඇල්බමයක් ජනගත කෙරුණු පලමු අවස්ථාව බවත් ශ්‍රාවකයන් සඳහා උසස් මට්ටමේ සංගීත සහ පද රචනා ඇතුලත් ගීත ඇල්බමයක් ලෙස මෙය හඳුන්වාදිය හැකි බවද ගායන ශිල්පී සහ ව්‍යාපාරික අර්ජුන රණදේව පවසයි.

එමෙන්ම මීට සමගාමීව ලේඛිකාවක් වන ප්‍රිසිලා ගොඩහේවා මහත්මියගේ නවතම කෘතිය වන  %සසරින් එතරට^ කෘතියද මෙහිදි එලිදැක්විණි. මේ වන විට ඇය බැද්දේ කුමරිය, බැද්දේ කුමරිය කොළඹ ඇවිත්, ගිමන් හරිමි, ජැෆ්නාදරය, අමුතු දීගේ සහ නිදන්න යනවිට කියවන්න කතා නමින් පොත් කිහිපයක්ද එලි දක්වා ඇති අතර ඇය 2018 වසරේදී ඔස්ට්‍රේලියාවේ දකුණු ආසියානු ජනයා නියෝජනය කරනු ලබන SAFAL මගින් සෑම වසරකම පවත්වන වාර්ශික සම්මාන ප්‍රධාන උත්සවයේදී නවක ලේඛිකාව වෙනුවෙන් වූ සම්මානයද දිනාගනු ලැබීය.

අර්ජුන රණදේව සහ ප්‍රිසිලා ගොඩහේවා දෙපලගේ 30 වන විවාහ සංවත්සර සැමරුමට සමගාමීව මෙම ගීත ඇල්බමය සහ කෘතිය එලි දැක්වුණු අතර මේ වනවිට ගීත ඇල්බයේ සියලු ගීත අර්ජුන රණදේව යූටියුබ් නාලිකාව වෙත පිවිසීමෙන් හෝ ඇපල් මියුසික්, ස්පොටිෆයි ඔස්සේද රසවිඳිය හැකි සේම ප්‍රිසිලා ගොඩහේවා මහත්මියගේ නවකතාව ඇතුලත් කෘති සූර්ය ප්‍රකාශන වෙතින් මිලදී ගැනීමටද අවස්ථාව උදා කර ඇත.

තිසර ගංගාදර