අශ්වයන් නිසා මම මාස දෙකක් බත් කෑවෙ නෑ
මම චරිතයක් වෙනුවෙන් මාස 2ක් බත් නොකා හිටියා
රංගනය වෙනුවෙන් ආත්මීය ආලයකින් රංගනය හා බැඳුණු රංගන ශිල්පියෙක්ට මොනවාද කරන්න බැරි.
ඇත්තටම නව පරපුරේ දක්ෂයෙක් වෙන චමීර ලියනගේ මාස දෙකක් බත් නොකා සිටියෙ ඇයි ?
"අශ්වයන් එක්ක කරපු ෆොටෝ ෂූට් එක වෙනුවෙන් මම මාස දෙකක් බත් කෑවේ නැහැ. උදේ පාන්දර පැය ගාණක් දිව්වා. හැබැයි නිර්මාණයකට මාව මහතට ඕන කිව්වොත් දවසම කාලා හරි මම මහත් වෙනවා. නිර්මාණයක් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න මම සූදානම්..."
"අවුරුදු දහඅටකටත් වැඩියි ක්ෂේත්‍රයට ඇවිත්. කිසිම කෙනෙක්ගේ හඳුන්වාදීමකින් නෙවෙයි ආවේ. පුංචි අතිරේක චරිත රඟපාමින් අවුරුදු තුනක් ඇවිද්දා, මාර ගේමක් දීලා තමා මේ තැන හදාගත්තේ,"
කොළඹ අහස' ටෙලි නාට්‍යයෙන් ජනප්‍රිය නළුවා ලෙස නිර්දේශ වෙමින් ක්ෂේත්‍රයේ අවධානය දිනාගත් චමීර 'වෙස්' ටෙලි නාට්‍යය ඔස්සේ මුළු රටක් දන්න කෙනෙක් වුණා.
ඉකුත් වසරේ 'වීදුරු තිර' සහ 'ඉරගිනි මද්දහන' චමීරගේ රංගන දිවියේ සුවිශේෂී සන්ධිස්ථාන
රොහාන් වැලිවිටගේ 'මම තනියම' චිත්‍රපටයේ සොල්දාදුවකුගේ චරිතයෙන් මෙන්ම 'කන්නගී' සහ 'රතී' ඇතුළු චිත්‍රපට කිහිපයකින්ම චමීර ප්‍රේක්ෂකයින් හමුවීමට නියමිතයි. තවද ඩුබායිහි රූගත කෙරෙන 'බෙඩ් ප්ලේස්' අලුත්ම ටෙලි නාට්‍යයේ ද චමීර චරිතයක් .
"මීට කලින් පොර කුකුල්ලු, බල්ලෝ, හාවෝ එක්ක ෂූට් කළා. ඊළඟට අලියෙක් එක්ක ෂූට් එකක් කරන්න ඉන්නේ. මම සතුන්ට හරිම ලෙන්ගතුයි. නිර්මාණය වෙනුවෙන් මගේ සිරුර වෙනස් කරගන්න මම එක පයින් සූදානම්,
"අහසින් කඩා වැටුණා වගේ ඇවිත් මේකේ පැළවෙන්න බැහැ. එහෙම පැළ වුණත් තාවකාලිකයි. හොඳට ඉගෙන ගෙන ආවොත් විතරයි ක්ෂේත්‍රයේ රැඳී ඉන්න පුළුවන්."
ඇත්තටම ඔව් චමීර .......






