දිනවල අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තමයි හිරු නාළිකාවේ විකාශය වන සංසාරිණී ටෙලි නාට්‍යය. මේ ටෙලි නාට්‍යයේ ඇමෙන්ඩා කියන නපුරු චරිතයට අතිශය සාර්ථක රංගනයක් ලබා දෙමින් සාධාරණයක් ඉටු කරන නිළියක් තමයි ටනාශා සතරසිංහ කියන්නෙ.
මේ ටෙලි නාට්‍යය බලන ගොඩාක් ප්‍රේක්ෂකයින් අහන ප්‍රශ්නයක් තමයි ටනාශා අහිංසක විදිහට හිටියට ඇත්තම නපුරු චරිතයක්ද කියලා.ඒකට ඔන්න ටනශා උත්තරයක් දීලා. "මම පෞද්ගලික ජීවිතයේ නපුරු චරිතයක් නෙවෙයි. ඇත්තම කියනවා නම් මට සැර වැර වෙන්න හරි අමාරුයි. මේ නපුරු චරිතයක් කරන්නේ පළමු වතාවට. මුලදි මට ඇමෙන්ඩාගෙ චරිතේ ජීවත් වෙන්නේ කොහොමද කියලා තේරුමක් නැහැ. ඒ කතා විලාශය හුරුවෙන්න මට ගොඩාක් අමාරු වුනා. ඒ නපුරුකම නිරූපණය කරන එක හිතන තරම් ලේසි වුනේ නැහැ."
ඒ වගේම තමයි මේ ටෙලි නාට්‍යයේ ගීත්මා සමගින් රණ්ඩු වෙන දර්ශනය කරන්න නම් ටනාශාට අමාරු වුනා කියලයි කියන්නේ. මොකද ගීත්මාගේ මූණ බලාගෙන ගහන්න ටනාශට හිත දුන්නේ නැහැයිලු.



Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
