ඇස් දන් දුන් ගයත්‍රී නැවතත් මනාලියක් ලෙසින් මංගල ගමනට.
ගයත්‍රී ඩයස් සමාජයේ බොහෝ කතන්දර මැද ජීවිතය නොසැලී ජයගත් යකඩ ගැහැණිය ඇයයි. රන්ගනයෙනෙන් නර්තනයෙන්, වේදිකා නාට්‍ය තුලින් ඇය ජිවිත කතාව ලියන්න පටන් ගත්තා. මේ වෙද්දී මුළු ලංකාවේම ලොකු කුඩා හැමෝගෙම ආදරය නොඅඩුවම ලබන්නට තරම් ඇය වසානවන්තියක් වුනා. ඇය ආදරණිය දියණියන් දෙදෙනෙකුට සෙනෙහස රැකවරණය දෙන උතුම මවක් ලෙස හදුන්වන්න පුළුවන්. ඇයගේ මුළු ලෝකයම දියණියන් දෙදෙනා.
පසුගිය දවස්වල ඇය ගැන නැවතත් කතා වෙන්න පටන් ගත්තා. ඒ ඇය සිය දෑස් දන් දීමට පොරොන්දු වීමත් සමගින්.අයගෙන් පසුද ඇයගේ දෑස් වලින් තවකෙකුට ජීවිතය දකින්නට වාසනාව ඇය විසින් හිමිකර දුන් බව ඇය සිය සමාජ මාධ්‍ය ජාලාවන්ට එක්කර තිබුනා. ඉතින් එයද විවේචනය කරමින් බොහෝ දෙනා විවිධ කතා කියා තිබුනා. ඒක දැන් ලංකාවේ සාමානය දෙයක් වෙලා හොදක් කරත් නරක කරත් විවේචනය කරනවා ඇරෙන්න මිනිස්සුන්ට හොද දෙයක් අගය කරන්න පුළුවන් කමක් නැති තරම්.
ඒ වගේම ඇය කරන සමහර ප්‍රකාශ නිසාම සමාජ මාධ්‍යයේ දැඩි අවධානයට ලක්වෙනවා. විවාහයේ ආදරයක් නැත්නම් පිටින් ආදරය ගත්තට කමක් නෑ කියන වගේ ඇය කල ප්‍රකාශ මහත් ආන්දෝලනයක් ඇතිකළා. ඒ කොහොම වුනත් චන්නගෙන් වෙන්වුන ඇය නැවත විවාහයකට ගියේ නැහැ. දියණියන් දෙදෙනා බලාගෙන ආදරයෙන් ඇය ජිවත් වුනා. නමුත් ඇයට බොහෝ කතානම් හදුනා. ඒ හැමදෙයක්ම දරාගෙන ඇය ජිවිතයේ දිගු ගමනක් පැමිණියා.
ඉතින් ගයාත්‍රි උඅදරට මනාලියක් ලෙසින් සහ බටහිර පන්නයේ මනාලියක් ලෙසින් සැරසුණු චායාරූප එකතුවක් මේ දවස්වල හුවමාරු වෙනවා. ගයත්‍රී ආයේ විවාහ වෙලාද. නැහැ. ඇය ලස්සන ශුට් එකක් තමයි මේ කරලා තියෙන්නේ.virajMN PHOTOGRPHY ආයතනය විසින් තමයි මෙය සුන්දරව කැමරා නෙතට හසුකරගෙන තිබුනේ. අලුත් අලුත් ලස්සන වැඩ බොහොමයක් ඔහු විසින් සිදුකර තිබෙනවා. ගයාත්‍රි ඉතාමත් ලස්සන මනාලියක් ලෙසින් දැකගන්න පුළුවන්.











