ඒ මිනිහා කලිසම පාත් කරද්දී පබෝදා හොඳටම බය වුණා
අභිසාරි.....ජූලි 24 ඉඳන් රිදී තිරයට එකතුවෙන අලුත්ම චිත්‍රපටය ඒ චිත්‍රපටයේ වෙනස්ම ප්‍රචාරණයක් තියෙනවා .ඒ තමයි ඒ චිත්‍රපටයට අදාළ සේයාරූ ප්‍රදර්ශනය ......අභිසාරී ඒ සේයාරූ ගොන්නෙන් චින්තන ආසම පින්තූරය ගැන එයා මෙහෙම ලියලා තිබුණා......
මේ තියෙන්නෙ අභිසාරි ඡායාරූප ප්‍රදර්ශනයෙ මම කැමතිම ඡායාරූපය. මේක තමයි දේවා මුලින්ම ගත්ත එක. මරදාන පාලම යට පබෝදා හිටගෙන හිටියා. අපි හිටියෙ පාලම උඩ අනිත් පැත්තෙ. පාර දිගේ කුණු කරත්තයක් තල්ලු කරගෙන ගිය මනුස්සයෙක් පබෝදා දිහා අමුතු විදිහට බලමින් ගියා. ඊට පස්සෙ කරත්තෙ ඉස්සරහින් නතර කරලා කලිසම පාත් කරගෙන ඉස්සරහට ආවා. පබෝදා හොඳටම බය වුනා. මට හොඳටම හිනා. අපි හිනාවෙන හින්ද පබෝදා ඒක සාමාන්‍ය විදිහට බාරගත්තා. අර මනුස්සයා පබෝදා ළගම පාලමේ කොණට මුත්‍රා කරන්න පටන් ගත්තා. පබෝදා ලිංගික ශ්‍රමිකයෙක් විදිහට ඒ පාලමේ අඩි කීපයක් ඔබ්බෙන් හිටගෙන ඉන්නවා. තමන්ගේ ගැනුම්කරුවෙක් එනතෙක්.
දේවා ඡායාරූප කීපයක් එක දිගටම ගත්තා. මට හිතුනා ඒ මනුස්සයා දෙවියන් විසින් එවපු කෙනෙක් කියල. අසහනය, ලිංගිකත්වය, ලිංගික ශ්‍රමිකයන්ට සමාජයේ හිමිව ඇති තත්වය, එපමණක් නෙමෙයි සමස්ත කාන්තාවන්ටම හුදකලා වන මොහොතක අත්විඳින්නට වන පොදු අතවරයක ස්වභාවය සියල්ල ඒ මොහොත තුල තිබුනා.
ඉතින් මේ ඡායාරූපයත් ඇතුලු තවත් ඡායාරූප 15ක් අභිසාරි ඡායාරූප ප්‍රදර්ශනයේ එනවා. අද කොළඹ කොටුව දුම්රිය පොල අසල ප්‍රදර්ශනය පැවැත්වෙනවා.
අභිසාරි චිත්‍රපටිය 24 වෙනිදා සිට සිනමා ශාලාවලට එනවා. අභීසාරිකාවක් වෙනුවෙන් සමාජය ලොකු කාලයක් ලබා දෙන්නෙ නැහැ. ඒ නිසා ඇගේ කතාව අහන්න කැමති අය හැකි පමණ ඉක්මණින් නරඹන්න කියල ආරාධනා කරනවා.
