කාජල් මන්දෝදරිට රඟන රාමායණයට ඉන්දියාවෙන් කිසිම චිත්‍රපටයකට වියදම් නොකළ මුදලක් !

කාජල් අග්‍රාවාල් (Kajal Aggarwal) කියන්නේ බොලිවුඩය වගේම දකුණු ඉන්දීය සිනමාවත් ජයගත් නිළියක්.
ඇය රංගනයෙන් එකතුවෙන නවමු සිනමා නිර්මාණය ගැන කාජල් හෙළි කළ රහසක් තියෙනවා. ඒ රහස තමයි ඉදිරියේදී තිරගත වීමට නියමිත, ‘රාමායණය’ (Ramayana) චිත්‍රපටය ගැන රහසක්. රාමායණයේ ඇය හුස්මක් දෙන්නේ රාවණාගේ බිසවගේ චරිතයට. එනම් ‘මන්දෝදරී’ ගේ චරිතයට .
" මේ චිත්‍රපටය ඉන්දියානු සිනමා ඉතිහාසයේ මීට කලින් කවුරුවත්ම දැකලා නැති විදිහේ අපූරු සුවිශේෂී, තාක්ෂණයෙන් අතිශය ඉහළ නිර්මාණයක් වෙනවා . පෞද්ගලිකව මම මෙවැනි අති දැවැන්ත අත්දැකීමකට මුහුණ දෙන පළමු වතාව මෙයයි.මම වගේම හුගාක් නළු නිළියන් ට එය එසේමයි. රාමායණය කියන්නේ හැමෝගෙම හදවත්වලට ගොඩක් සමීප ඉන්දියානු කතාවක් .ඒ නිසා මෙහි රඟපාන්නට ලැබීම වාසනාවක්.
එහෙම යි කාජල් කියන්නේ.
නිතේෂ් තිවාරි (Nitesh Tiwari) අධ්‍යක්ෂණය කරන රාමායණයේ ශ්‍රී රාම් ලෙස රන්බීර් කපූර් (Ranbir Kapoor) රංගනයෙන එක්වෙද්දී සීතාගේ චරිතයට හුස්මක් දෙන්නේ සායි පල්ලවී (Sai Pallavi). රාවණා රජුගේ චරිතයත් එක්ක ජීවත් වෙන්නේ කන්නඩ සිනමාවේ සුපිරි තරුවක් වෙන යෂ් (Yash).
රාමායණය කොටස් දෙකකින් යුක්තයි.සුවිශේෂීම කාරණය තමයි රාමායණය කියන්නේ ඉන්දියාවේ මෙතෙක් වැඩිම පිරිවැයක් දරා නිෂ්පාදනය කළ චිත්‍රපටය ලෙස සිනමා ඉතිහාසයට එක් වෙන්නේ. මෙම චිත්‍රපටයේ දෘශ්‍ය ප්‍රයෝග (VFX) වෙනුවෙන් හොලිවුඩ් මට්ටමේ තාක්ෂණයක් පාවිච්චි කරලා තියෙනවා .ඒ වගේම, රාමායණයේ සංගීතය නිර්මාණය කරන්නේ ඔස්කාර් සම්මානලාභී ඒ. ආර්. රහුමාන් සහ හාන්ස් සිමර් සුසංයෝගයෙන්. චිත්‍රපටයේ පළමු කොටස දැනට සැලසුම් කරලා තියෙන විදිහට මේ වසරේ දීපාවලී උත්සවය සමගින් මෙම දැවැන්ත සිනමා නිමැවුම ලොව පුරා තිරගත වීමට නියමිතයි.
රාවණා කියන්නේ ලංකාවෙ ඉතිහාසයේ වීරයෙක් සහ අසමාන නිරිඳෙක්.ඒ උත්තමයාව ඉන්දීයාව කොහොමද සිනමාමය ඇහැකින් නිර්වචනය කරලා තියෙන්නේ .
ඒ වග දකින්නට අපි රාමායණය එන තෙක් බලා හිඳිමු.


