කෝටි 700 ක් එක්ක රජිනි රජු ආයෙත් දමිළ සිනමාව කළඹයි
රජිනි කාන්ත් කියන්නෙ සරලවම කිව්වොත් මාර පොරක්....දැන් වයස අවුරුදු 75ක්..ඒත් හදවතින්ම තරුණ මිනිස්සු කවදාවත් ඉලක්කම් එක්ක වයසට යන්නෙත් නෑ....ඉලක්කම් වලින් ජීවිතයේ වයස හදන්නෙත් නෑ...

ජේලර් ඕඩියෝ ලොන්ච් එකේදී සන් පික්චර්ස් හිමිකරු රජිනි කාන්ත් ගැන මෙහෙම දෙයක් කීවා.
"රජිනි කියන්නේ Record breaker කෙනෙක් නෙමේ..
එයා Record maker කෙනෙක්"
ඒ කතාව කියද්දී රජිනිට වයස 72 යි .දැන් රජිනිට වයස 75ක්. record maker කෙනෙක් වෙන එක තමන්ට ගේමක් නෙවෙයි කියලා රජිනි කොහොමද ඔප්පු කරපු අපූරුව.
දමිළ සිනමාවේ පළමු කෝටි 700 ෆිල්ම් එක තමන් සතු කරගනිමින් රජිනි ඒක කවදාවත් අමතක කරන්න බැරි මතක සමුදායක් එක්ක ඔප්පු කර හමාරයි.
සුවිශේෂීම කාරණය තමයි. ඔය ක්ලබ් ඔක්කොම ඕපන් කරේ රජිනි ..සමහර නළුවන්ට කෝටි 100කුත් ලොකු ඉලක්කයක් වෙද්දී අජිත් වගේ නළු දැවැන්තයන්ටත් කෝටි 300 අසීරු ඉලක්කයක් වෙද්දි වයස 75 දී රජිනි කෝටි 700 ක්ලබ් එක දමිළ සිනමාව වෙනුවෙන් ඕපන් කරනවා..මාරයි නෙහ්
අනෙක් සුවිශේෂීම කාරණය තමයි අනිකුත් දමිළ චිත්රපට වගේම මේකත් හින්දී වලින් සහයෝගයක් නැතිව රිලීස් වීමයි..නැත්තම් මේක කෝටි 800/850 ලෙවල් එකට නිකන්ම ගිහින්..
මෙන්න ඒ නම් මේ ක්ලබ් ඕපන් කරපු ෆිල්ම් සහ නළුවා
100 cr club = Sivaji ( Rajinikanth)
200 cr club = Enthiran ( rajinikanth)
300 cr club = Kabali ( Rajinikanth )
400 cr club = 2.0 (Rajinikanth)
500 cr club = 2.0 (Rajinikanth)
600 cr club = 2.0 (Rajinikanth )
700 cr club = Jailer 2 (Rajinikanth)
ඇත්තටම දමිළ සිනමවේ කිරුළ රජිනිගෙන් උදුරාගන්න එදා මෙදා තුර කාටවත් බැරිවුණා......
