ජේම්ස් බොන්ඩ් චරිතය සඳහා අවසන් තිර පරීක්ෂණ මේ සති අන්තයේ පවත්වන්න තීරණය කරලා.

නව ජේම්ස් බොන්ඩ් චිත්රපටයේ චරිතයට සුදුසු රංගන ශිල්පියෙකු තෝරාගැනීමේ අවසන් තිර පරීක්ෂණ මේ සති අන්තයේ ලන්ඩනයේදී පැවැත්වීමට නියමිත බව තමයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
කැලම් ටර්නර් සහ ජැක් ලෝඩන් එම පරීක්ෂණ සඳහා එක්වනු ඇතැයි වාර්තා වන අතර, ජොෂ් ඕ’කොනර්ගේ නමද තරගකරුවන් අතර සඳහන් වෙනවා.
අවසන් අදියරට නළුවන් තිදෙනෙකුත් පස්දෙනෙකුත් අතර පිරිසක් පැමිණ ඇති බවට වාර්තා පළවුවත්, නම් සහ තේරීම් ක්රියාවලිය පිළිබඳ වාර්තා එකිනෙකට වෙනස් බවයි විදෙස් මාධ්ය සඳහන් කරන්නේ.
තිර පරීක්ෂණවලට ක්රියාදාම දර්ශන, කැමරාව ඉදිරියේ පෙනී සිටීම සහ දෙබස් ඉදිරිපත් කිරීම ඇතුළත් වන බව සඳහන්.
කෙසේ වෙතත්, නව බොන්ඩ් නළුවා කවුරුන්දැයි නිල වශයෙන් ප්රකාශ කර නොමැති අතර, Amazon MGM Studios ද මේ පිළිබඳව අදහස් දක්වා නැති බව වාර්තා වෙනවා.
ඩැනියෙල් ක්රේග් අවසන් වරට ජේම්ස් බොන්ඩ් ලෙස රඟපෑවේ 2021 වසරේ තිරගත වූ No Time to Die චිත්රපටයේයි.
ඩෙනිස් විලනුව් අධ්යක්ෂණය කිරීමට නියමිත නව චිත්රපටයේ පිටපත ස්ටීවන් නයිට් විසින් රචනා කරන බවද වාර්තා වෙනවා.
(මූලාශ්රය : BBC )
Trending News
Events
දුෂේනිගෙ රතු දවසට තරු පොකුරක්
- 14-10-2026
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
- 30-09-2026
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
