චන්දිමාල්ගෙන් පුෂ්පිකාට කනේ පාරක්

  • 02-09-2026

චූලා පත්මේන්ද්‍ර සහ පුෂ්පිකා එක්ක ඇති කර ගත් කිරුළේ වලිය ගැන ඔක්කොමලා දන්නවනෙ.ඒකෙ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන්න තියෙන්නේ ඔක්තෝබරයේ.ඉතින් චූලාගෙ හදිසි සමුගැනීමත් එක්ක පුෂ්පිකා සහ පුෂ්පිකාගෙ සොයුරිය දක්වා තිබූ ප්‍රතිචාරවලට එරෙහිව චන්දිමාල් හොද කනේ පාරක් දීලා තිබුණා.

ඒ මෙහෙමයි.


කරුණාකර අහිමි වීමකදී ගෞරවාන්විතව නිහඬ වෙන්න ඉගෙන ගන්න. මිනිස්සුන්ගේ කටවල් තියෙන්නේ නිතරම ඇරගෙන ඉන්නම නෙමේ.ඒ කටට පුලුවන් මුනිවත රකින්න. සමාජ මාධ්‍ය ඉඩට තමන්ගේ විපරිතකම නොපෙන්වා ඉන්න ඉගෙන ගන්න. අහිමි වීමකදී හිස පහත් කරලා ශෝකය ප්‍රකාශ කරන්න ඉගෙන ගන්න."

තවදුරටත් ජීවත් නොවෙන මනුස්සයෙක්ට ඍජුව හෝ අනියමාර්ථයෙන් අපහාස කරන එක මනුශ්‍ය සහකම්පනය නෙමේ.ඒ නිසා ඔබලාගේ විපරිත විනෝදය මේ මොහොතේ පුද්ගලිකව විඳින්න.ඒත් එළිපිට සමාජයක් ඉදිරියේ විනෝද වෙන්න කලින් මවකගේ අහිමි විමක් දරුවෙක්ට කොයිතරම් නම් දැඩි කම්පනයක් අත්පත් කරන්න පුලුවන් ද කියන එක ගැන හිතන්න. 


අන්න එහෙමයි චන්දිමාල් සැරටම කනේ පාර දීලා තිබුණේ