තග දැම්ම නඩුවෙන් චිලී තිලංක වැරදිකරු වෙයි

  • 23-07-2026

චිලී තිලංක කියන්නෙ හිටපු ගමන් මොකක් හරි case එක්ක පැටලෙන ටිකක් අමුතු ඩයල් එකක් ....ඩෙංගු අවදානම්  point තියෙනවද කියලා බලන්න තමන්ගෙ ගෙදරට ආව නිලධාරීන්ට තග දාන්න ගිහින් ඇදිච්ච නඩුව කාට හරි සිරි වෙන්න අඩේහ් අවුරුදු 12ක් හැදුනා...
දන්නවනේ ලංකාවෙ නඩුත් සමහර වෙලාවට සංසාරය තරම්ම දිගයි.....

ඉතින් අවුරුදු 12ක් තිස්සෙ ඇදුණු නඩුවෙන් ඇත්තටම මොකද වුණේ.......?

මෙන්න මෙහෙමයි ඒ නඩු තීන්දුව ගැන වාර්තා වුණේ

 වසර 12 කට පස්සෙ දුන් නඩු තීන්දුවෙන් චිලී ගෙඩිය පිටින්ම  වැරදිකරු වුණා..... 

" ගායන ශිල්පී තිලංක විදූෂ හෙවත් "චිලී" හට එරෙහිව වසර කිහිපයක් පුරා විභාග වෙමින් පැවැති නඩුව අවසන් කරමින් ඔහු වැරදිකරු බවට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබෙනවා .

මෙම නඩුවට පදනම් වී ඇත්තේ 2014 වසරේදී තලංගම පිහිටි ඔහුගේ නිවසට ඩෙංගු මර්දන පරීක්ෂාවක් සඳහා පැමිණි පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව සිදුවූ සිදුවීමක් එහිදී රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පෑම, පහරදීමට තැත් කිරීම සහ බියගැන්වීම යන චෝදනා හතරටම ඔහු වැරදිකරු වන බව කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ප්‍රකාශ කළා.

නඩු තීන්දුව සහ නියම වූ දඬුවම්.

දඩ මුදල්: අදාළ චෝදනා හතර සඳහා එක් චෝදනාවකට රුපියල් 1,500 බැගින් දඩ නියම වුණා.

 වන්දි ගෙවීම්: සිදුවීමෙන් අගතියට සහ බියගැන්වීමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් එක් අයෙකුට රුපියල් 10,000 බැගින් වන්දි ගෙවන ලෙස නියෝග කළා .

තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා අධිකරණයේ පෙනී නොසිටි බැවින්, එකී වන්දි මුදල අධිකරණයේ තැන්පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළා . මේ සමඟින් වසර ගණනාවක් තිස්සේ ඇදී ගිය මෙම නඩු කටයුත්ත සම්පූර්ණයෙන්ම අවසන් වුණා.

 පසුගිය ආන්දෝලනාත්මක සිදුවීම.
මෙම සිදුවීමට අමතරව 2016 වසරේදී ද මොහු ආන්දෝලනාත්මක පුවතකට මැදි විය. බත්තරමුල්ල පැලවත්තේ පිහිටි තමන්ගේ නිවස අසල වාසය කළ වැඩිහිටි පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවකට අත්අඩංගුවට පත් වූයේද මෙම ගායකයාමය.

එම සිද්ධියෙන් පසු සැඟව සිට තලංගම පොලිසියට භාර වූ ඔහුට දඬුවම් නියම වී බන්ධනාගාර බස් රථයෙන් රිමාන්ඩ් බාරයට ගෙන යන අතරතුර, මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ,

“මිනියක් මරල නෑ.. කාටවත් වරදක් කරල නෑ.. අම්මට අතඋස්සන්න ආවොත් ගහනවා ඒක තමයි විදිය..” යනුවෙනි..."


ඔන්න ඕකයි කතන්දරේ