දීපිකා පදුකෝන් එළියට විසිවෙයි !
බොලිවුඩය කියන්නේ නිරන්තරයෙන් සීතල යුද්ධ ඇවිලෙන තැනක් .....මේ තමා අලුත්ම සීතල යුද්ධය ....ඒ ගැන බොලිවුඩයෙන් ඇහෙන්නෙ මෙහෙමයි.
" කත්‍රිනා ද? දීපිකාම ද?
සන්දීප් රෙඩ්ඩි වංගා විසින් අධ්‍යක්ෂණය කරනු ලබන, ප්‍රභාස් ප්‍රධාන චරිතය හොබවන දැවැන්ත සිනමා පටයක් වන 'Spirit' හි කාන්තා ප්‍රධාන චරිතයෙන් දීපිකා පදුකෝන් ඉවත් කර ඒ වෙනුවට කත්‍රිනා කයිෆ් එක්කර ගැනීමට නියමිත බවට පුවත් පැතිර යයි. සමාජ මාධ්‍ය ඔස්සේ මෙම පුවත පැතිර ගියද, චිත්‍රපට කණ්ඩායම හෝ අදාළ රංගන ශිල්පිනියන් මෙතෙක් මේ පිළිබඳව නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.
ආරංචි මාර්ගවලට අනුව, දීපිකා පදුකෝන්ගේ කාර්යබහුල කාලසටහන සහ පෞද්ගලික හේතූන් මත ඇයට මෙම ව්‍යාපෘතිය සඳහා දින ලබාදීමට නොහැකි වීම හේතුවෙන් නිෂ්පාදකවරුන් කත්‍රිනා කයිෆ් සමඟ සාකච්ඡා පවත්වා ඇති බව කියැවේ. කෙසේ වෙතත්, මෙය තවමත් අවසාන තීරණයකට පැමිණ නොමැති අතර ප්‍රධාන චරිතය තහවුරු කිරීමේ නිල නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.
'කල්කි' දැවැන්ත සාර්ථකත්වයෙන් පසුව ප්‍රභාස් සහ දීපිකා නැවත එක්වන තවත් ප්‍රධාන නිර්මාණයක් ලෙස මෙම චිත්‍රපටය කෙරෙහි ප්‍රේක්ෂකයන් විශාල බලාපොරොත්තුවක් තබා තිබුණි. ඒ අනුව 'Spirit' හි ප්‍රභාස් සමඟ රංගනයෙන් එක්වන්නේ කැත්‍රිනා ද එසේත් නැත්නම් දීපිකාම ද යන්න පිළිබඳව රසිකයන් අතර දැඩි කුතුහලයක් හටගෙන තිබේ. "
