දියණියගේ විසි වැනි උපන් දිනයදා මධුමාදව තැබූ අමුතු සටහන

  • 05-10-2021

මධුමාදව අරවින්ද කියන්නේ ගායකයෙක් වගේම රංගන ශිල්පියෙක්. නිර්මාණ එක්ක ඉඩ හිට එකතු වෙන ඔහු වැඩිපුර සමාජ මධ්‍යයේ කතාබහට ලක් වූ චරිතයක් බවට පත් වෙනවා. මධුගේ හා රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්ගේ ආදරණිය දියණියගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් ඔහු මුහුණු පොතට සටහනක් එක් කර තිබෙනවා. එය පහතින්

දැන් දුව ලොකුයි තව කෙරුවොත්  බොරු අපහාස
කියන්න වෙනවා ලෝකෙට      මට        මගෙ රහස
කඩුව දුන්න දා වැද්දට        දෙකඩ                උන
වැද්දත් මැරුන  මම ගැයුවා නිහඩ              බන
දුව දැන් ලොකුයි දැනගන්නට ඇත්ත         ගැන
මට උන දේ කිසිවෙකුටත්       නොවෙනු     මැන
විසි වසරක්  නිහඩව දුව       නිසා                   මම
"ගිල ගෙන ඇත්ත  "ඇහුවා අපහාස             හැම
ඉවසල ඉවසලා ඉවසනු බැරි                        උනම
උත්තර දෙන්න සිදු වෙනවා             මට මෙහෙම
වැරද්දුව නිසා මම එලවල                          දැම්මා
නිහඩව ඉවසුවේ හින්දයි         දරු          පෙම්මා
මසකට වරක් බොරු කියනව නැත         නිම්මා
කූඩුව අපේ ගිනි තිබ්බේ නුබෙ                   අම්මා
ස්වේතගෙ තාත්තා..
මදු මාදව අරවින්ද.

කූඩුව ගිනි තිබ්බ කෙනාම,
 මසකට වරක් විසිවසරක් තිස්සේ කරන අපහාසවලට...
උත්තර දෙන්න.... මටත් වෙනවා දුවේ.....
ඔබට සුබ උපන් දිනයක් දුවේ 
ඔයාලට හරියනවා..
තව එක වරක් බොරු කිව්වොත් අම්මා
තාත්තට කට  අරින්න වෙනවා