දුවගේ තාලයට Halloween සැමරූ Kim Kardashia

  • 22-10-2026

Kim Kardashia කවුද කියලා ඔයාට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. එයා 2026 Halloween සැමරුවේ  තම වැඩිමහල් දියණිය  North Westගේ විලාසිතා පෙනුම අනුකරණය කරලා.ඇයගේ  නිල් පැහැති දිගු කොණ්ඩය සහ Gothic ආභාසය සහිත විලාසිතා අංග ඇගේ පෙනුමේ කැපී පෙනෙනවා.

ඒක සමාජ මාධ්‍යයට උණුසුම් සුන්දරත්වයක් එක් කළ පුවතක් වුණා.

විදුලි නිල් පැහැති දිගු කොණ්ඩය, Gothic Style Makeup, Facial Piercings සහ දිගු නියපොතු සහිත ඇගේ පෙනුමේ
විශේෂත්වය වන්නේ ඇය දියණියගේ පෙනුමට සමාන වීමපමණක් නොවෙයි, Northගේ හුරුපුරුදු ඉරියව් ද අනුකරණය කර තිබීමයි.

PEOPLE සඟරාවේ වාර්තාවට අනුව, Kim මෙම පෙනුමට අදාළ ඡායාරූප සහ වීඩියෝ Instagram ඔස්සේ “Halloween 2026” යන සටහන සමඟ බෙදාගෙන තිබෙනවා.

ඇත්තටම Halloween විලාසිතාවක් හරහා තම දියණියගේ Style එකට අවධානය යොමු කළ Kimගේ මේ වෙනස්ම පෙනුම Celebrity Fashion අතර කැපී පෙනෙන අවස්ථාවක්.