නන්දා මාලිනිය ගැයූ ගීත විකුණාගෙන කෑම තහනම්
නන්දා මාලිනිය ගැයූ, මහාචාර්‍ය සුනිල් ආරියරත්න ලියූ ගීත වලට නීතිමය පියවර ගනී.

ඇත්තටම එය විය යුතු දෙයක් .අනුන්ගේ ගීත තමන්ගේ කරගෙන ඒ ගීත කාලා චොර කරලා විනාශ කරන ගමන් ඒ ගීතවලින් හම්බ කරගන්න අමුතුම ගායක ගායිකාවන් පිරිසකුත් ඉන්න රටේ එය විය යුතුම දෙයක් .ඒ වගේම එක එක රූපවාහිනී නාලිකාවල රියැලිටි ශෝ වලින් ඇවිත් අනුන්ගේ සින්දු කියන්න ලක්ෂ ගණන් ඉල්ලන පොර talk දෙන ගමන් පොර සීන් එකෙන් වැජඹෙන කස්ටියත් අඩු නැති රටේ නන්දා මාලිනිය දැයට දායාද කළ ගී මංජරිය රැකගනු වස් ඈ වෙනුවෙන් වැඩියෙන්ම ගී ලියූ මහාචාර්ය සුනිල් ආරියරත්න මේ ගත් පියවර ඇත්තටම ප්‍රසංශනීයයි .
ආචාර්‍ය නන්දා මාලිනී ගැයූ ගීත පුනර්ගායනය, ප්‍රතිනිර්මාණය ,ප්‍රතිනිෂ්පාදනය වළක්වාලීම පිණිසයි.
සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචනා කරන ලද ආචාර්ය නන්දා මාලිනිය විසින් ගායනා කරනලද කිසිඳු ගීතයක් වාණිජමය පරමාර්ථයකින් යුතුව කවර් වර්ෂන් ලෙස ,නැවත ගායනා කොට පටිගත කිරීම, උපහාර ප්‍රසංග, අනුස්මරණ ප්‍රසංග නාමයෙන් ගෘහස්ථ හෝ එළිමහන් ප්‍රසංග වල ගායනා කිරීම මහජනයා වෙත වාණිජ්‍යමය අරමුණකින් විකාශණය කිරීම හෝ අන් කවර ආකාරයකින් ඔහුගේ සදාචාරාත්මක අයිතීන් උල්ලංඝනය වන ලෙස ප්‍රතිනිර්මාණය කිරීම 2023 අංක 36 දරණ බුද්ධිමය දේපල පනතේ 9 සහ 10 යන වගන්ති ප්‍රකාරව සහ සුනිල් ආරියරත්න සාමාජිකත්වය දරණ Cey Music,ACPOSLආයතනයේ රෙගුලාසි අනුවත් SC Appeal අංක 155/2014 නඩුවෙන් සනාථ වුණු මාළිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 2070/05 නඩුවේ පිළිගත් එකී ගීත සම්බන්ධ වාණිජ අයිතීන් දරන ඒ මහතාගේ අයිතීන් උල්ලංඝනය වන ඉහත දක්වා ඇති කුමන හෝ අයුරක ක්‍රියාවක් යමකු විසින් කිරීම නීති විරෝධි වන අතර ,එකී පනතේ 22 වෙනි වගන්තිය ප්‍රකාරව එවැනි නීති විරෝධී කටයුතු වලට එරෙහිව සිවිල් සහ / හෝ අපරාධ ප්‍රතිකර්ම ලබා ගැනීමට නෛතික හැකියාවක් ඇත.
මෙම වළක්වාලීම අදාළ නොවන්නේ වාණිජ්‍ය අරමුණකින් තොර පාසල් , විශ්වවිද්‍යාල , උසස් අධයාපන ආයතන,ගුවන් විදුලි හෝ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වන ආධුනික ගායනා තරග සහ අනෙකුත් එවැනි ගායනා කිරීම් සම්බන්ධයෙන් පමණි.
ශ්‍රී ලංකාව තුළ දී හෝ ඉන් පිටත දී ඉහත කරුණු වලට පටහැනිව යම් ආයතනයක් හෝ කණ්ඩායමක් පුද්ගලයෙකු විසින් නීත උල්ලංඝනය කළ හොත් නීතිමය පියවර ගැනීමට සිදුවන බව සම්මානිත මහාචාර්ය වරයා වෙනුවෙන් කැපිටල් සිටි ලෝ නාමය සහ අභිධානය යටතේ ඉහත සඳහන් කරුණු ඇතුලත් කොට දැන්වීමක් පළ කර තිබේ.


