නිල් චිත්‍රපට නිළිය වෙනුවෙන් බය නැතුව DNA පරීක්ෂණයට ගිය USA ගායකයා

ළමයා තමන්ගෙ නෙවෙයි නම් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට කොන්ද කෙළින් තියාගෙන DNA පරීක්ෂණයට එන්න පුළුවන්නෙ.ඒත් උසාවි දවසට චාමික හැමදාම අසනීප වෙනවා.ඒකත් මාරයි.මේ හැමදේම අස්සෙ
"මට වන්දි එපා.මාව කසාද බඳින්න ඕනෙ නෑ.ඒත් මගේ දරුවට මේ රටේ නිත්‍යනුකූල පුරවැසියෙක් විදිහට ජීවත් වෙන්න අයිතිය තියෙන්න ඕනෑ.ඒ නිසා දරුවාගෙ උප්පැන්න සහතිකයේ හිස්තැනක් තියන්න මම කැමති නෑ."
ගුවන් නියමුවරියක් වෙච්ච රසිකා ඒ සටන් වදින්නෙ තමන්ගේ දරුවගේ අයිතිය වෙනුවෙන් .
ඇය ඉල්ලන්නෙ ඔහු පීතෘත්වය නොපිළිගන්නේනම් පීතෘත්වය ඔප්පු කරන්න DNA පරීක්ෂණයක් .
මේ සියල්ල මැද සාමාජ මාධ්‍ය පරිශීලකයෙක් කොන්ද කෙලිත් තියාගත්ත සැබෑ පිරිමියෙක් ගැන සටහනක් තියලා තිබ්බා.ඒ පිරිමියාත් තරුවක්.
" මේ ඉන්නේ ඇමරිකානු ගායක Drake. ඔහු විදේශ සංචාරයක් අතර නිල් චිත්‍රපට නිලියක් සමග එක දවසක දෙදෙනාගේම කැමැත්තෙන් ලිංගික ඇසුරක යෙදෙනවා. පස්සේ මේ කාන්තාව (වෙන රටක කෙනෙක්) කියනවා මට දරුවෙක් ඉන්නවා එයාගේ තාත්තා ඔයා කියල. ඔහු විශ්වාස නොකළත් ස්වේච්ජාවෙන්ම DNA පරීක්ශා කරනවා. ඔහු තමා පියා. ඒ කාන්තාව එක්ක ජීව්තේ කවදාවත් ආදර සම්බන්දයක් නොතිබුනාට, දරුවා හදන එක ඔහුගේ තීරනයක් නොවුනට, සල්ලි ටිකක් දීල ශේප් වෙන එකෙන් එහාට ගිහින් Drake පීතෘත්වයේ වගකීම් භාර ගන්නව. ළමයගේ අම්මව කසාද බැදල නෙවෙයි.
ඔහු දරුවා මගේ කියල ලෝකේ ඉස්සරහ පිලිගන්නවා. ස්ටේජ් ගානේ හැමෝටම පේන්න කරගහන් යනවා. Drake ගේ පවුලට දරුවා පිලිගන්නවා. පියා හැටියට සියලු දේට දරුවා වෙනුවෙන් පෙනී ඉන්නවා. වෙන එකක් තියා දරුවගේ පෙනුම සහ අම්මගේ වුර්තිය එක්ක මීම්ස් පවා හැදෙනවා.
නමුත් තමන්ගේ ලේ වලට තියෙන ආදරේ , ගෞරවේ සහ පිරිමියෙක් හැටියට ඇති ගෞරවනීය කම ඔහුගෙන් ගිලිහෙන්නේ නෑ.

කිසියම් ක්‍රීඩකයෙක් අරභයා ඇතිවුනු සිදුවීමක් නිසා මට මේක මතක් වුනේ. ඒ කාන්තාව ඊයේ DNA test කරන්න බෑ කියල දරුවත් කරපින්නන් ගෙදර යනවා. ඒකට ගොඩක් ලන්කාවේ පිරිමි කමෙන්ට් දාල තිබ්බේ...
- හොද වැඩේ, බදින්න කලින් මොකටද සෙක්ස් කරේ? ගෑනුන්ට හොද පාඩම්
- වටේ යන බඩුවකට කරගහන්න පුලුවන්ද?
මේ කාන්තාව ඉල්ලන්නේ තමන්ව බදින්න කියලවත්, ළමයට සල්ලිවත් , කන්න දෙන්න කියල වත් නෙවේ. පීතෘ භාවය පිලිගන්න කියන්නේ. මේ කාන්තාව මේ පුද්ගලයා කලෙකට පෙර ඇසුරු කළ පෙම්වතියක් සහ ඇය වැදගත් රැකියාවක් කරන උගත් ගෑනු කෙනෙක්.
මේ කමෙන්ට් දැක්කහම ඇත්තටම බය හිතුනා. මේ වගේ ආකල්ප දරන පිරිමි තමා ලන්කාවේ වැඩි. (වාසනාවකට අපිට කවදාවත් මුන නොගැහුනාට.) මේ වගේ පහත් ආකල්ප දරන මිනිස්සු බහුල සමාජයක ඇත්තටම ලින්ගික ඇසුර පරිස්සමින් තමා කරන්න ඕනේ. පිරිමිකම කියන දේත් ආකල්පයක්. ඒ නිසා පිරිමියෙක් එක්ක සම්බන්දයක් පටන් ගන්න කලින් සමාජ මාද්‍ය වල ඔහු දක්වන අදහස් ගැනත් ඉදිරියේදී ගෑනු අය ටිකක් බලල හිටියොත් හොදයි. අද ඒ ගෑනු ළමයට ඔහොම කියන පිරිමියෙක් ඔබව හදිස්සියේ ගැබ් ගැන්නුවත් ඔච්චර තමා.....
(Drake ගේ පොඩ්ඩා Adonis ගේ පෙනුමට හැමෝම හිනා වුණාට , ඇත්ත කතාව එයා එයාගේ ආච්චි වගේ. Drake කළු වුණාට Drake ගේ අම්මා මුනුබුරා වගේම රන්වන් කොන්ඩයක් ඇති සුදු කෙනෙක්. කොලුවා ඔය ඉන්නේ ආච්චිව අඹල වගේ "

