ප්‍රසංග කලාවේ නවමු අත්දැකීම ඊතාලෝක පෙබරවාරි 2දා නෙළුම් පොකුණේද‍ි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

එලිමහන් ප්‍රසංග කලාවේ නවමු වෙනසක් ඇති කරමින් ඊතාලෝක Candle Light Concert පෙබරවාරි 02 වැනි දින නෙලුම් පොකු‍ණ පර‍ිශ්‍රයේදි පැවැත්වීමට නියමිතව තිබේ. මෙම ප්‍රසංගයේ සුවි‍ශේෂිත්වය පැහැදිලි කරමින් එහි ප්‍රධාන සංවිධායකයෙක් වන  අයෝන් අබේවික්‍රම පැවසුවේ මෙවන්නක්.

"එදාට විශේෂයෙන් වෙන දේවල් තමයි,  අපි එන හැමෝටම Led Candle Light එකක් දෙනවා. 60 දෙනෙකුගෙන් සමන්විත Choir එකක් එදාට artistla එක්ක perform කරනවා. මේ performance එකත් ලංකාවේ එලිමහන් සංගීත කලාවේ පළමු වතාවට වෙන දෙයක්.  Light Show එකක් එදාට ලෑස්ති කරල තියෙන්නෙ එන අයට. මේක Conceptual concert එකක්. ඊතර් කියන්නේ ග්‍රීක පුරාවෘත්තයේ ආලෝකයේ දෙවියන්ට. ඊතර්ගේ ආලෝකය තමයි අපි ඊතාලෝක කියලා කියන්නේ. මේ concert එක ජීවිත ආලෝකමත් කිරීම කියන theme එකට තමයි සංවිධානය වෙන්නෙ. අපිට දෙන්න ඕන පණිවිඩය තමයි, අපිමයි අපේ ජීවිත ආලෝකමත් කරගත යුත්තේ කියලා. අන් අයට ආලෝකයක් වෙමු කියලා. ඊතර්ගේ කතාවේ තියනවා ඊතර්ගේ ආගමනයත් එක්ක තමයි ලෝකය අන්ධකාරයෙන් එලිය දැක්කේ කියලා. ඉතින් නෙළුම් පොකුණ අපි ඊතර්ගේ අඩවිය කරනවා. එදාට මුළු කොළඹම ඊතාලෝකමත් කරනවා.

ඉතින් ඒ වගේ පණිවිඩයක් දෙන ගමන් අපි පුළුවන් විදිහට අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා, අපිට එන ආදායමෙන් කොටසක් රත්මලාන අන්ධ විද්‍යාලයට පරිත්‍යාග කරන්න ලෑස්ති කරනවා. අපේ ඊතාලෝක audience එක අපි ආමන්ත්‍රණය කරන්නේ ඊතාලෝකයෝ කියලා. මේක අපේ වැඩක්, ඊතාලෝක අපේ conceptual brand එකක් වෙනවා දකින්න මං කැමතියි මේක organise කරන්නේ ASEVENTS කියන company එකෙන්මේ company එක හදලා තියෙන්නේ university graduates, undergraduates සෙට් එකක් එකතු වෙලා. ඉතිං මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ නම් සහ Tickets 071 420 2614 අංකයට කතා කරන්න. ඔයාලගේ පැමිණීම අපි එදාට බලාපොරොත්තු වෙනවා.