බොලිවුඩ් බයවෙයි ටයිගර්ට වෙඩි සල්මාන් ට මරණ තර්ජන

  • 21-10-2026

බොලිවුඩ්  Lovers ලා ලෝකයේ හැමතැනම ඉන්නවානේ. සීමා වානා.ඒක ඇත්තටම මාර පිස්සුවක් .සොඳුරු පිස්සුවක් .එහෙම පිස්සන්ගෙ පිස්සියන්ගෙ හඳුන්පොත කීං ගෑව ආරංචියක් අහන්න ලැබුණා.ඒ තමා සුපිරි නළු ටයිගර් ෂ්‍රොෆ්ට  මුම්බායිහි ජුහුහීදී 

එයාව ඉලක්ක කරගනිමින් නාඳුනන පිරිසක් වෙඩි උණ්ඩ පහක් එල්ල කරපු ආරංචිය . දෙයියනේ කියලා ටයිගර් බේරුණත් එයාගෙ රියදුරාට වෙඩි වැදිලා තුවාල වුණා.

සිද්ධිය එතනින් ඉවර නෑ Bro........................

ඒත් එක්කම හඬ පටයක් නිකුත් වෙනවා.

හිත් හිරි වට්ටමින් ඒක සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

මොකක්ද දන්නවද ඒ හඬ පටයේ තිබුණේ.......?

තමන් අනිල් පණ්ඩිත්’ ලෙස හඳුන්වා දෙන ඔහු  ලෝරන්ස් බිෂ්නෝයි කල්ලිය වෙනුවෙන් ප්‍රහාරයේ වගකීම භාරගන්නා බවට තමා හඬ පටය ඔස්සේ   ප්‍රකාශ කරන්නේ....

ටයිගර් ෂ්‍රොෆ්ට මින් පෙර අනතුරු ඇඟවූ බවත්, එය නොසලකා හැරීම නිසා මෙවැනි දෙයක් සිදුවුණාලු...අනිල් පණිඩිත් තමා කියන්නේ.

කතාව ඉවර නෑ Bro..

මේ මෑන්   ...                  

හඬපටය ඔස්සේ  බොලිවුඩ් සිනමා කර්මාන්තයටම හෙණ තගක් දාලා. 

තමන්ට විරුද්ධව  කටයුතු කරන හෝ සල්මාන් ඛාන් සමඟ සම්බන්ධ වන පුද්ගලයන්ට එරෙහිව ශොට් එක දෙනවලු..

ඒ විතරක් නෙවෙයි  සල්මාන් ඛාන් ලෝරන්ස් බිෂ්නෝයිගෙන් හෝ බිෂ්නෝයි ප්‍රජාවෙන් සමාව ගන්න ඕනෑලු.......එහෙම නැත්තන් එයාගෙ පවුලේ අයටත් මැරෙන්න ලෑස්ති වෙන්න ලු.

සල්මාන් ඛාන්ට කොච්චරක්  ආරක්ෂාව තිබුණත් එයාට ගේම දෙන්න  අනිල්ලට පුළුවන් ලු....

ඒවගේම  ප්‍රසිද්ධිය ලබාගන්න  ලෝරන්ස් බිෂ්නෝයිට එරෙහිව අදහස් පළ කරන පිරිසක් ගැනත් හඬ පටයේ සඳහන් 

මුම්බායි පොලිසිය සැකකරුවන් සොයමින් තවමත්  විමර්ශනයේ...

අනිල් මෑන් ගැන තාම මොකුත් තාම එළියට ඇවිත් නෑ ඒත්...හරිද ?