මේ දවස්වල තරුණියන් පිස්සුවෙන් වගේ ආදරේ කරන අලුත්ම සිහින කුමරා, ජනප්‍රිය නලු සචින්
මේ දවස්වල කළා ක්ෂේත්‍රයේ වගේම තරුණ පරපුර අතරේ වැඩියෙන්ම කතාබහ වෙන නලුවෙක් තමයි සචින් ලියනගේ කියලා කියන්නේ. සිරස ටීවී නාලිකාවේ විකාශය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනට්‍යටයේ ප්‍රධාන චරිතයක් තුලින් ඔහු රංගනයේ යෙදෙන්නේ ශලිනි තාරකා සමඟයි. යු ටියුබ් තුල විශාල ප්‍රමාණයක් නරඹන මෙම ටෙලිනාට්‍ය සියලු කොටස් ට්‍රෙන්ඩින් අතරට පැමිණෙනවා. දැන් එය රසික රසිකාවියන් ආදරෙන් නරඹන කතාවක් බවට පත්වෙලා තියනවා. ප්‍රවීනතම, ජනප්‍රිය රංගන ශිල්පින් සහ ශිල්පිනියන් රැසක්ම දායකත්වය ලබාදීලා තියන මේ ටෙලි නිර්මාණය තුල සචින්ගේ චරිතය තමයි නිර්වාන්.
සචින් ටෙලිනාට්‍යක් සඳහා රංගනයෙන් දායක වෙන්නේ පළමු වරටයි, ඒ කියාදෙන්න ආදරේ තරම් නිර්මාණය හරහා. නමුත් විශේෂම කරණය වෙන්නේ පළමු ටෙලිනාට්‍ය තුලින්ම ඔහුට ප්‍රධාන චරිතයක් නිරුපනය කරන්නට අවස්ථාව උදාවෙලා තියනවා.අ ඒ වගේම මෙය අභියෝගාත්මක චරිතයක් වුනා කියලත් ඔහු කියනවා. ඒ වගේම මෙහි සිටින ප්‍රවීන කලාකරුවන්ගෙන් ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා කියලත් ඔහු කියනවා. ශලිනි එක්ක රඟපාද්දී ඇයගෙන් ලැබෙන සහය ගොඩක් වටිනවා වගේම ඒ වෙනුවෙන් ස්තුති කියලත් සචින් නිහතමානිව කියනවා.මේ වෙද්දී ඔහුගේ රංගනය වෙනුවෙන් සමාජ මාධ්‍ය තුලිනුත් ගොඩක් හොඳ ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා කියලත් දැනගන්න ලැබුනා.
අද වනවිට ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මදය තුල සචින්ගේ චායාරූප බොහොමයක් දකින්නට ලැබෙනවා. ඒ එක්කම ගොඩක් තරුණියන්ගේ සිහින කුමරා බවටත් දැන් ඔහු පත්වෙලා තියනවා කියලයි දැනගන්න ලැබෙන්නේ. නව පරපුරේ දක්ෂ කලාකරුවෙක් විදියට තවත් ඉදිරියට හොඳ ගමනක් යන්නට සචින්ට වාසනාව ලැබෙන්න කියලා අපිත් හදවතින්ම සුභ පතමු.




