කසාදෙ කියන එක වරදින්නත් පුළුවන් හරියන්නත් පුළුවන්. මාධවීට එයාට හරියනම කෙනා හමුවුණා කියලා මාධවී කියන්න පටන් ගත්තේ කසුන් මහේන්ද්‍ර හීනටිගල කසාද බැන්දට පස්සේ. දැන් ඒ දෙන්නා එක පුතෙක්ගේ අම්මලා තාත්තලා. කෛලාශ් මහේශාක්‍ය හීනටිගල එයාලගේ පුතාගෙ පළවෙනි උපන්දිනය ඊයේ පෙරේද දවසක එයාලා සැමරුවා.
"මම ජීවිතයේ ආසාවෙන් බලන් හිටපු දවසක් තමයි මට අම්මා කියන වචනයෙන් මගේ දරුවෙක් කතා කරන දවස එනකම් ඒ දවස කවද්ද කියන එක. පුතා ලැබුණට පස්සෙ ටිකෙන් ටික එයා ලොකු වෙනකම් මම බලාගෙනම හිටියේ එයා මට අම්මා කියනකම්....මම කොච්චර ආසද මගේ පුතාගේ කටින් ඒ වචනය අහන්න...""
මාධවී උපන්දිනය දවසේ එහෙම කිව්වෙ හුඟාක් හැඟීම්බරව.
තමන්ගේ නැන්දම්මා සහ නෑනා එක්ක ඉතා ආදරණීයම ජීවිතයක් ගෙවන මාධවී කාලෙකට පස්සේ ගීතයක් එළිදැක්වූයේත් පුතාගේ උපන්දිනය වෙනුවෙන්.ගීතය නම් කරලා තිබුණේ දොයි දොයි දෙයියා කියලා.
කැලේ තියෙන කොයි දේවත් රස වෙනවා
මලේබඹරු මෙන් ලෝකය සැනහෙනවා
ඇලේ දොළේ ගහේ වැලේ මල් එනවා
මගේ පුතේ නුඹ ඇවිදින් හිනැහෙනවා......
එහෙම තමයි මාධවී කාලෙකට පස්සේ ගයපු ගීතය පටන් ගන්නේ....
ඉතින් කෛලාශ් පළවෙනි උපන්දිනයට අපෙනුත් සුභ පැතුම්!







Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026

