මට එයාගෙන් දරුවෙක් එපා

  • 09-10-2026

ලොකු දුවට තාත්තා කියන්න බල කරන්නේ නෑ - අනිත් දෙන්නට කියනවා තාත්ත කියන්න කියලා  අමායා කියයි. මගේම ලේ දරුවෙක් ඕන නෑ - අමායාගෙ සැමියා යොහාන් ප්‍රනාන්දු  මේ විදිහට කීවෙ අමායා විවාහ කරගත්තට පස්සෙ.

අතුල් අධිකාරිගෙන් පසුව ධනෝෂ් සමඟ විවාහ වුණු අමායාගේ තෙවැනි විවාහය සිදු වුණේ යොහාන් එක්ක.

මගේ  වැඩිමහල් දියණිය මේ වන විට ලොකුයි. මගේ දැන්  සැමියාට 'තාත්තා' කියන්න කියලා   ඇයට බල  කරන්න මට බෑ. ඇයගේ සැබෑ පියා ඇයව බලාගන්නවා. ඒ වගේම  දැනටමත් මට  දරුවන් තුන්දෙනෙකු ඉන්නවා.ඒ නිසා මගේ අලුත්  සැමියාට ඔහුගේම ලේ වලින් දරුවෙකු ලබා දෙන්න මට බෑ.

ඒත්  ඔහු කිසි දිනෙක මට ඒ ගැන මොකුත් කියලා නෑ. ඔහු මගේ  දරුවන් තිදෙනාම  ජීවිත කාලයටම තමන්ගේම දරුවන් සේ භාරගෙන ඉන්නවා. එයාටත්  තමන්ගේම කියා දරුවෙකුගේ අවශ්‍යතාවක් නෑ. මගෙත් පස්සෙ එයාගෙ  ජීවිතයේ සිටින්නේ නම් ඒ මෙම දරුවන් තිදෙනා කියලා තමා එයා කියන්නේ.