මට හිතෙන්නෙ දුවවෙලා ඉපදුණේ මගේ අම්මා කියලා

  • 13-10-2026

මම ප්‍රෙග්නන්ට් වුණාට පස්සෙ බබා ලැබෙන්න නියමිත දවස මට දුන්නා.ඒක බැලුවම ඒ දවස අම්මගෙ උපන්දිනය දවසමයි.ඒක හරිම පුදුමයි.ඒත් බබා ඒ දවසට ටිකක් කලින් ඉපදුණා.අම්මගෙ තුන්මාසෙ දානෙ එනකොට මගේ බබා බඩට ඇවිත් මාසයක්.මට ඒ වෙලාවෙ හිතුණා මේ ඇවිත් ඉන්නෙ මගේ අම්මා වෙන්න ඇති කියලා.මොකද එයාට මගේ ළඟට එන්න පුළුවන්නම් නෑවිත් ඉන්නෙ නෑ.මම බබා දිහා බලන හැමවෙලේම හිතෙනවා අනේ මේ අම්මා වෙන්න ඇති කියලා.මගේ අම්මා මාව හදපු විදිහට මටත් ආසයි එයාව හදන්න.මම බැඳලා අවුරුදු  7කට පස්සෙ මම බබා හම්බවුනේ .අම්මා නැතිවීම මගේ ජීවිතයේ ලොකු හිස්තැනක් .ඒක ටිකක් අඩුවුණා බබා ලැබුණට පස්සෙ.

මෙහෙම කියන්නෙ තිසුරි  යුවනිකා.....අපෙන් සමුගත් සුසන්තා චන්ද්‍රමාලිගේ ආදරණීය දියණිය ....බැඳීම් කියන්නෙ හරි පුදුම දෙයක්......මට හිතෙන්නෙ ආදරයයි ආදරයත් එක්ක උපදින තෘෂ්ණාවයි නැත්තන් සංසාරය මෙච්චර දිගු වෙන්නෙත් නෑ.......