:මම ආදරේ කරපු කවුරුත් මට ආදරේ කළේ නැහැ

  • 19-10-2026

​"මම ආදරේ කරපු කිසිම කෙනෙක් කවදාවත් මට ආදරේ කරේ නැහැ, මට එයාලව දැනුණෙත් නැහැ, මට‍ විතරයි ඒ අයව බලෙන් ළඟ තියාගන්න ඕන වුණේ, මම තමයි ඒ මිනිස්සු එක්ක ජීවත් වෙන්න උත්සාහ කරේ... මම විවාහ වෙන්නේ රටක්ම ආදරේ කරපු කෙනෙක් සමඟ, එත් ඒ ජීවිතය තුළ අපිට හිතෙනවා නම් එයාගේ සතුට තියෙන්නේ මම ළඟ නෙමෙයි, වෙන තැනක කියලා නම්, ඒ සතුට තියෙන තැනට අපි එයාලට යන්න දෙන්න ඕනේ..."

ගයාත්‍රි ඩයස් එහෙම කියද්දී ඔයාට මොකද හිතෙන්නේ.ඇත්තටම ආදරය කියන්නෙ අපි ඉල්ලන්න ඕනෙ දෙයක් නෙවෙයි ..ඒක පාර්ශ්වීයව පිදිය යුතු දෙයක් විතරයි.....

ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
රිසි වූ කෙනෙකුට පූජා කරන්න 
ලෝභ සිතින් තොර පිදුව මනාවේ
පෙරළා බිඳකුත් ලබනට නොසිතා


ඒක වෙන්න ඕනෙත් එහෙමමයි...

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එහෙම කියද්දී ඕෂො කීවෙ ඔබට මලකට ආදරය කරන්න ඕනෙ නම් ඒ මල කඩා නොගන්න.දුරින් තියා ආදරය කරන්න කියලා.

ඇත්තටම ආදරය කියන්නෙ අයිතියට නෙවෙයි 
ආදරය කියන්නෙ ආදරයට
ආදරය පෙරළා ලැබුණත් නොලැබුණත් මේ අහස පොළොව අතර ඕනෙම දේකට ආදරය කරන්න.
මොකද ඒ තමයි මේ ලෝකයේ තියෙන ලස්සනම හැඟීම