මම නැවත රඟපනවා - සුසන්තා චන්ද්‍රමාලිගෙන් රටටම සුබ පණිවුඩයක්

  • 06-10-2021

පුංචි තිරයේ ආදරණිය අම්මා ලෙසින් හැමෝගෙම ආදරය දිනාගත් අපේ ආදරණිය රංගන ශිල්පිනියක් තමයි සුසන්තා චන්ද්‍රමාලි කියන්නේ. මෙරට ප්‍රේක්ෂකයා පන වගේ ආදරෙයි කියලා කිවුවොත් වරදක් නැහැ. ඒ තරමටම ඇයට ලාංකීය වගේම විදෙස් ගතව ඉන්න ලොකු කුඩා සෑම ප්‍රේක්ෂකයෙක්ම ආදරය කරනවා. ඇයගේ නිහතමානී බව ආදරණිය සිනහව කතාව දුටුවන් වශීකරවන සුළුයි. ඇයගේ රංගනය ඉතාමත් තාත්විකයි. හදවත ලස්සන නිහතමානී නිලියක් ලෙසින් අදටත් ඇය හදුන්වන්න පු;උවන්.

මෙරට ප්‍රේක්ෂකයා කදුළු සැලුවේ ඇය පිළිකා රෝගයට ගොදුරු වීමත් සමගින්. ඇය කලාවට නැතී අඩුව තදින්ම දැනුනා. නමුත් ඇය දැන් සුවවී ඇති බව කියන සතුටු දායක ආරංචිය ඇය විසින් පුවත්පතකට කියා තිබුනා.මම මානසිකව ගොඩක් ශක්තිමත් ගැහැනියක්. මම හිතුවා අනිවාර්යයෙන් මම සුව වෙනවා කියලා. කාටවත් කරදරයක් නපුරක් මම කරලා නැහැ. ගිය ආත්මේ කරපු කර්මයකට ලැබුණු දෙයක් මේ.මම නිරෝගී වෙනවා කියලා සියයට සීයක්ම විශ්වසෙන් හිටියේ.මම ගෙදර අයට කිවුවේ දුක් මහන්සිව හොයපු දේවල් විනාශ කරගෙන මගේ ලෙඩේ හොද කරගන්න ඕනි නෑ කියලා. එහෙම ආත්මාර්ථකාමී හැගීමක් තිබුනේ නැහැ මට ඒත් ගෙදර අය නෑදෑයෝ කිවුවේ සල්ලි ගියාට කමක් නැහැ ප්‍රතිකාර කරමු කිඅලා ඒවා අඩුවක් නොකර කරා.


ගනියෙක්ට ඕන ආදරය ආරක්ෂාව මට වැඩියෙන්ම මගේ සැමියාගෙන් ලැබුනා. ඕන කැපකිරීමක් කරන්න පුළුවන් එහෙම සැමියෙක් ඉද්දි. මම ව්සනාවන්තයි එහෙම ආදරයක් ලබන්න. මගේ දුවත් හෙවනැල්ල වගේ ලගම හිටියා.තිසුරි දුව මට ජීවත්ව ඉඳිද්දී ලැබෙන්න ඕන සතුට ගෞරවය ඒ හැමදෙයක්ම ලබාදුන්නා. අපි දෙන්නටම දුව ගැන ආඩම්බරයි.දුවෙක් ඉන්න මම කෙනෙක් විදියට මට වටින්නේ ආත්ම ගරුත්වය. මගේ අද්ර්වා ගැන සතුටුයි. එයා මගේ ලගම ඉන්නවා. මාව බලාගන්නවා.

මම නැවත කලාවට පිවිසුනා. රගපාන්න පටන් ගත්තා. මේ රටේ දැන් තියෙන තත්වේ එක්ක මගේ සෞඛ්‍ය තත්වය නිසා ලගදී සම්බන්ධ වෙන්න වුනේ නැහැ වැඩ වලට. හොදින් ඉන්නේ කියලා මම මට දැනුනත් සියයට සියක් සුවයිද කියන්න බැහැනේ ඉතින්දශමෙක හරි අවධානමක් ඇතිවෙන්න පුළුවන්නේ. එකෙන් පරිස්සම් වෙනවා. මේ තත්වේ අඩුවෙලා තිබුන දවස්වල ආරියරත්න ඇතුගල මහත්තයාගේ නිරමනෙකට සම්බන්ධ වුනා. ආයේ රටේ තත්වේ නරක් උන නිසා ෂූටින් නතර කළා. කලාව කියන්නේ ඉවිතේ . ජීවත්වෙලා ඉන්නකන් කලාවේ ඉන්නවා. රටේ තත්වේ නැවත යහපත් වුනාම ආයෙත් රගපානවා